- 66 -

5.6K 753 215
                                    

කාර්‍යබහුල දවසකට පස්සේ තදියම් වෙලා තිබුන ටයිඩ්‍රැක්ස් එක ටිකෙන් ටික නිවෙන වෙලාව.... මෙතුල එයා අතින්ම හදපු කෝපි කෝප්ප තිබුන ට්‍රේ එක ලී මේසෙ උඩ තිබ්බේ කැෆේ එකේ පැත්තක ලයිට්ස් ඕෆ් කරන අතරෙ....

" අරවින්ද්ට වෙන මොනව හරි හදන්නද ? " මෙතුල අවිනිශ්තව ඇහුවේ අරවින්ද් ඒක ගන්නෙ නැතුව නුහුරු ගතියෙන් බලාගෙන ඉදපු නිසා...ඇත්තටම මෙතුලට පවා ආශාක්‍යසිංහ උරුමය මේ විදියට නුහුරුයි....

" මම බොනව අංකල්..."  එයාගෙ එකට කලින් මියුන්ගෙ අතටම කොෆී එක අරන් දුන්න අරවින්ද් අවිනිශ්තව ටයිඩ්‍රැක්ස් එකේ ගහලා තිබුන ලොකු ලී නැංගුරම් ඔරලෝසුව දිහා බැලුවේ, කෝපි උගුරක්ම හිස් කරන අතරෙ...  මියුන් කිසිම සද්දයක් නැතුව බලගෙන ඉන්නෙ කෝපි කෝප්පෙන් පිටවෙන දුම් දිහා...  දැන් මෙතුල විතරක් නෙවේ දැන් අරවින්ද් පවා කිහිප වතාවක් බලාගෙන මියුන් ඒක දිහා බලාගෙන ඉදපු විදිය....

" බොන්නෙ නැද්ද මියුන් !! " ඒ පාර ක්‍රිශ් සැර කලේ එතන නිශ්ශබ්දතාවය බිදල මේසෙ මැද තියල තිබ්බ අවිනාශ් අතින්ම හදපු කේක් එකේ ලොකු කැල්ලක් අරන් කටේ ඔබා ගන්න අතරෙ...

"ඔව්ව්‍යාලත් කව්ම්න.. ඔව්ව තීම්ම්නෙ කම්නනෙ..." ක්‍රිශ් තඩි කේක් කැල්ලක් කටේ ඔබාගෙනම කියවනව ....

" ක්මෝ....කම්පන්......උම්බෙව් කේක් එකොනේ.... " ක්‍රිශ්  කටේ පුරවගෙනම කිව්වෙ මියුන්ගේ කම්මුලේ අයිසින්වලින් ඇදල නහය උඩත් අයිසින් ඩ්‍රොප් එකක් තියල කේක් කැල්ල කටේ ඔබන ගමන්...  ඇති යන්තන් ඒකවත් කෑවා !! ආයෙත් නිශ්ශබ්දතාවය ...... මෙතන කොහෙත්ම බර්ත්ඩේ පාටියක වයිබ් එකක් නෑ කියල අරවින්ද්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙ නැ...

" පුතා තව බොනවද ? පිච්චෙන එක නොසලකා කොෆී එකම ඉවර කරපු අරවින්ද්ගෙන් මෙතුල ඇහුවේ අරවින්ද් නුහුරට එපා කියන්න ඔලුව වනද්දි...... ආයෙම අපහසුතාවයෙන් පිරුන නිශ්ශබ්දතාවය .... 

ඒත්.........

දඩාස්.... !! සලාංං.............. ස්ලාං................

එක පාරට හෙණයක් කඩන් පාත් වුනා වගෙ සද්දෙට සේරම තක්බීරි වෙලා ගියේ අඩ අදුරේ තිබුන කැෆේ එකම දෙදරන්න වින්ඩ් චැම්ප් එක සලාං ගාලා ආයෙම දෝරේ වැදිලා දෝංකාර දෙද්දි.....ඒ ඇස් සැහෙන්න නොඉඅවසිලිමත් විදියට හැමෝමව හඹා ගිහින් අන්තිමේදි නැවතුනේ ලොකු සැහැල්ලු හුස්මකින්.......

- Plot 23 -Where stories live. Discover now