- 5 -

7.4K 1K 48
                                    

'' මගේ දරුවො අහන්න... මේ කතාව සමහර විට හුළගටත් පරණයි.. සමහර විට හුළග තරම්ම අලුත්... ඒත් දැනගෙන ඉන්න ඕන කතාවක්... අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වුන පරීක්ෂණයක බලාපොරොත්තු නොවුන ප්‍රථිඵලයක්... කතාව පටන් ගන්නේ එතනින්... එයාලා ජීවත් වුනේ වෙනම ලෝකයක... ඒක සමාන්තර විශ්වයක් නෙවේ.. අපි එදි නෙදා එහා මෙහා යන ලෝකෙම අපෙන් හැංගිලා තිබුණ කොටසක...සමහර විට අපි අතරේම ... එයාලා කොහොමටවත් අැත්ත ලෝකෙටවත් , එකිනෙකා අතරවත් මුහු නොවිය යුතු ජීවින් උනා..  එයාලා මිනිස්සුම තමයි.. පොඩි වෙනසක් තිබුනා..

එයාලා වර්ග තුනයි... ඩ්‍රොමිඩා , බර්ඩ්‍රේන් තමයි එයාලාගේ ප්‍රධාන වංශ දෙක... ඒ වගේම නුමුහුම් වංශ දෙක ....එ් දෙක තරම්ම බලවත් නොවුන මුහුම් වංශය යොරෙල්... ඒක හරියට ඩ්‍රොමිඩා , බර්ඩ්‍රේන්වලට අයත් නැති මුහුම් වුන සේරමලා යොරෙල් වංශයේ වුනා... අපි තාමත් ඉන්නේ අන්තර්ජානවලට කෘත්‍යයක් නැ කියලා කියන යුගයක මගේ දරුවො.... ඒත් අවුරුදු දහස් ගණනකට කලින් අතීතයේ ජාන විශේෂඥයෙක් කරපු පරීක්ෂාවක ප්‍රථිඵලයක් විදියට ජාන මුහුමකදී සිදුවුන අත්වැරදීමක් විදියට එයාලාගේ ජානවල ඉන්ට්‍රෝනවල කෘත්‍යයක් කේතකරණය වුනා... අත් වැරදීමක් කිව්වට ලොකු වැරදීමක්.... සොබාදහමට එපිටින් යන වැරදීමක්....''

කටත් ඇරගෙන ඉදපු අවුරුද්දක විතර පොඩි එකා අඩන්න ගත්තේ අත්තමට තුරුළු වෙන ගමන්... එළියේ වැස්සත් එක්ක ලොකු කුණාටුවක්...

'' ඒත් මේ සොබාදහම හැමතිස්සේම බර්ඩ්‍රේන්වරුන්ටත් ඩ්‍රොමිඩියන්ස්ලාටත් බැදුනා.... හුස්ම ගන්න හැමදේම එයාලාට  බැදුනා.... ගස් , ගල් මල් එක්ක හැමතිස්සේම ඩ්‍රොමිඩියන්ස්ලා ආත්මයෙන්ම බැදෙද්දි , හැම සතා සීපාවා එක්කම බර්ඩ්‍රේන්ස්ලා ආත්මයෙන්ම බැදුනා...  ඩ්‍රොමිඩියන්ස්ලාගේ කදුළුවලට මල් පිපුනා.. බර්ඩ්‍රේන්ස්ලාට හැමදේම ඉව වැටුනා... ඒත් එයාලාට නියමයන් තිබුනා මගේ දරුවො... ඉස්සරහට ලොකු අනතුරක් නොවෙන්න මේ දේවල් පරිස්සම් කරන්න එයාලාට නියම වුනා... ''

'' ඒ මොකක්ද අත්තඅම්මේ ? '' අවුරුදු දොළහක් විතර පෙනුන පොඩි ළමයා ඇහුවේ එයාගේ අය්යාට තුරුළු වෙන ගමන්.. කුණාටුව එන්න එන්නම තද වෙලා...

- Plot 23 -Where stories live. Discover now