- 15 -

6.2K 916 133
                                    

'' වාඩිවෙයන්.. ''

'' ........... ''  සේරම වතාවත් ටික ඉවර කරලා ඉදලත් අරගෙන මළුව අතුගාන්න කියලා ආපු ගවීෂ් උඩ බිම බැලුවේ මියුන්ගේ කමාන්ඩ් එකට... මූ කොහෙන්ද ආපු එකෙක්ද මං කරන්න ඕන දේ කියන්න.. ගවිෂ් රවලා අාපහු ඇහුන්නැ වගේ අතුගාන්න පටන් ගත්තේ මියුන් එක්ක තිබ්බ කේන්තියත් ඉදලෙන් පිට කරලා....

'' මට ඕක දිලා වාඩිවෙන්න... '' මියුන් ඒ පාර තදින් කිව්වේ නැගිටලා ඇවිත් ගවීෂ්ගේ අතේ තිබ්බ ඉදල උදුරලා අතට අරගන්න ගමන්...

'' මොන විකාරයක්ද !!! ? . '' ගවීෂ් ආපස්සට කඩන් පැන්නේ මියුන් කිසිම ගානක් නැතුව ගවීෂ්ව හය්යෙන් එහාට තල්ලු කරද්දි...

'' ඇයි තමුසේට විතරද මෙතන පින් කරන්න හොද ? '' මියුන් ඇහුවේ ආයේ නැගිටලා වලියට ආපු ගවීෂ්ට ඉදල් මිටෙන්ම බඩට පාරක් අනින ගමන්...

'' තමුසේට තේරෙන් නැද්ද මට වැරද්දට - ''

'' උබ කියන්නේ එදා සිද්ධිය ගැන නං , මතක තියාගනින් එතන සීයට පනහක් මගෙත් වැරැද්ද !!  '' මියුන් තදින් කිව්වේ ඒ පාර නං ගවීෂ් කට වහගනිද්දි... මේච්‍යුරි ගහේ කොළ හෙළවෙන සද්දේ ඇරුනම ජගුවර් බන්ෂ් එකම නිහඩයි.. සති දෙකහාමාරකට විතර කලින් එදා සිද්ධිය කොහොමටවත් කෙළවර වුනේ නං ගවීෂ් හිතපු විදියට නෙවේ... හරියට බැලුවොත් සේරම අනිත් පැත්තට සිද්ධ උනා කිව්වත් වැරදි නෑ...

'' තමුසේ මගේ ඒවාට ඇගිලි ගහන්න ඕන නැ.. '' ගවීෂ් ආයේම කිව්වේ ඉදල උදුරලා ගන්න ගමන්...

'' උබ මෙතන හැම එකටම පොඩි එකෙක් වගේ රියැක්ට් කරන්න තියාගන්න එපා හරිද ? උබ වැඩිමල් ඇති.. ඒමයි කියලා මාව කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියලා හිතනවා නං උබට වැරදිලා..  '' මියුන් කිව්වේ ආපහු ඉදල උදුරලා එයාගේ අතට ගන්න ගමන්...

'' මොකක්ද දැන් තමුසේ කියන්නේ ආහ් ? ''

'' එදා සිද්ධ වුන දේ - ''

'' එහෙම මුකුත් වුනේ නෑ !! '' ගවීෂ් මැද්දෙන් පැන්නේ අත මිට මොළවගෙන...

'' නිකන් ෆැන්ටසි දෙබස් කියන්නැතුව අහගනින්... එදා ඒක පටන් ගත්තේ උබ !!,. ඒමයි කියලා උබේ පිට වැරැද්ද දාන්න තරං මං බල්ලෙක් නෙවේ තමුසේ වගේ... '

- Plot 23 -Where stories live. Discover now