- 101 -

4.9K 743 404
                                    

ඉතිහාසයේ කවදා සිද්ධ උන දේවල්ද මේ.... ඇරත් කවදා වෙයි කියලා හිතපුවද මේ !!!!

කොල්ලො ටික ඇහරවන්න උඩට ආපු මෙතුල මේ බලන් ඉන්නේ ඊයේ රැ මහා කොත්තු නයිට් එකක්ය කියලා එයාගේ ගෙදරත් පෙරළලා අවීටත් තර්ජනේ කරලා උයවගෙන , මහ රෑ කාලා බීලා වැඩිකමට එක උඩ එකා වැටිලා නිදාගෙන ඉන්න තුන් වෙනි පරම්පරාවේ , හිච්චි පාතාලකාරයෝ ටික දිහා... කෙළවරේම ඩියෝන් ... ඌ තමා වැඩිම ඉඩක් අරන් අත පය දිග ඇරලා නිදි එකා... ට්වින් ඩබල ඊළගට... ආයේ අරවින්ද්....අනිත් කෙළවරේම මියුන්.... මියුන්ගෙයි අරවින්ද්ගෙයි මැද්දෙන් දෙපැත්තටම අත් දාල දෙන්නවම බදාගෙන උඩුබැලි අතට නිදි ගවීෂ්.....

එකෙක් නිදිමතේ කියවනවා....  ට්වින් ඩබල නම් හැල හොල්මනක් නෑ හොදට බදන් නිදි.... අරවින්ද් මේ ඩියෝන්ගේ කකුල බදාගෙන ඉන්නේ කොට්ටයක් කියලා හිතාගෙන වෙන්න ඕනේ... අමතරව කියනවා නම් මිනිහා මේ සැපට පොරවන් ඉන්නේ ගවීෂ්ගේ අත.... ගවීෂ් මුනින් අතට මියුන්ගේ උරහිස අස්සේ ඔළුව ඔබාගෙන තව සැපට දොයි.... අවදිවෙලා ඉදියත් ගවීෂ් එයාව බදාගෙන ඉන්න විදියට පින් සිද්ධ වෙන්න නැගිටගන්න බැරුව , මේ මල විකාර දිහා බලන් ඉදපු මියුන් එක්ක මෙතුල හිනාවුනේ අද උදේටත් මේ හිගන පැටව් ටිකේ බඩ පුරොලා පිනක් දහමක් කරගන්න පුළුවන් බව මතක් වෙද්දි.....

" එයාව ඔහොම තියලා නැගිටින්න දරුවෝ.... ඕකා කෝමටත් අතාරින්නෙ නැ... " මෙතුල කිව්වේ මියුන් කමක් නෑ කියන්න ඔළුව වනද්දි....

" අත හිරි වැටිලා ඒම නැ ? "

" අව්ලක් නැ.... "  මියුන්  උත්තර දුන්නේ මෙතුල දොර ගාවින් අයින් වෙලා ඇද ළග ජනෙල් පඩිය ගාවට එද්දි....... කෝමටත් මේ නිදන් ඉන්න විදියට අනිත් අයව ඇහැරවන්නත් ලෝබයි මෙතුලගේ හිතට.... එයා ජනෙල් පඩිය උඩින් වාඩි උනේ වැඩිමනත් මාස ගාණකින් මියුන්ව මුණ ගැහුන නිසා... අහ්, කොච්චරවත් ඉතින් මේ කොල්ලා එළියේ ඉදපු මාස තුනේ මියුන් නටපු සේරම කෝලං ටික දන්නේ මෙතුල තමයි....

" අර පැවිල්ලට අහුවුනා කීව ඇස්ටර් මලේ කීවෙනි පැවිල්ලද එතකොට ඔය අහවර කළේ  ? සතුටුද දැන් ?  "  හැමදාමත් මියුන් එක්ක කතාවක් පටන් ගන්න විදියටම මෙතුල කතාව පටන් ගත්තා... මියුන් යන්තන් හිනා වෙලා ගවීෂ්ව තව ඇගට තද කරගන්නව මෙතුල බලන් ඉදියේ හීනි උන ඇස් දෙකේ ඇදුන ආදරණීය හිනාවකින්... කොහෙද වගේ වගක් නැ ගවීෂ් බොස් දොයි !!..

- Plot 23 -Where stories live. Discover now