- 26 -

5.9K 825 31
                                    

හුළග තරම් පරණ , හුළග තරම් අලුත් කතාවක නොහිතපු විදියට වෙනස් උන පරිච්ඡේදයක්... ඒ අවුරුදු හත්සීයකට උඩ... ඕනම බර්ඩ්‍රේන් කෙනෙකුටත් , ඕනම ඩ්‍රොමිඩා කෙනෙකුටත් , වෙනසක් නැතුවම ඕනම යොරෙල් කෙනෙකුත් ළමාවිය ගෙවන්න ඇත්තේ මේ පුරාවෘත්තය එක්ක... අත්තම්මලා , සීයලා මේවා රස රස කර කර කියද්දි හැම පොඩි එකෙක්ම කටත් ඇරන් අහන් ඉන්නත් ඇති...

කොච්චරක් ද කියන්න දන්නැති කාලේකට කලින් , වේඝර්ණ ඍෂී පෙළපතත් , ආශක්‍ය ඍෂි පෙළපතත් කියන්නේ අතිශය සාමාන්‍ය , එහෙත් අසාමාන්‍ය වත් පිළිවෙත්වල නිරත වුන පෙළපත් දෙකක් කිව්වට වැරදි නෑ... ජනප්‍රවාදවල තියන විදියට මුලින්ම මේ වරම ලැබුවේ වේඝර්ණවරු... මහ පොළව මත ජීවත් වෙන සතා සීපාවාට වේඝර්ණවරුන් මුහු වෙද්දි , වැඩි කල් නොගිහින් ආශක්‍ය ඍෂි පරපුර ගස් කොළ එක්ක මුහු වෙන්න මග පාදගත්තා.... ජීවිත කාලේම ඍෂීවරු එක්ව නිරත වුන පරීක්ෂණවල සිද්ධ වුන එක්තරා සුන්දර වැරදිමක් වුනත් , මුළු ඍෂි පෙළපත් දෙකේම සම්පූර්ණ අනාගතයම වෙනස් කරන්න තරම් ඒ වරම් ප්‍රබල උනා.. අත්වැරදීමක් උනත් , පෙළපත් දෙකම ඒ හැකියාවන් සැලකුවේ ඔවුන්ට ලද වරම් විදියට....මෙතෙක් කල් සහයෝගයෙන් කටයුතු කරපු පෙළපත් දෙක අතර එකිනෙකා පරයා යැමේ ආශාව ඇති වෙන්නේ එතැන ඉදන්...

වේඝර්ණලා උත්සහ කළේ ආශක්‍යලා සතු හැකියාවනුත් උරුම කරගන්න.. ආශක්‍යලාගේ එකම පරමාර්ථය උනේ වේඝර්ණලා සතුවුන හැකියාවනුත් උරුම කරගන්න... සාමාන්‍ය ඍෂි පෙළපත දෙකඩ කරගෙන , දෙගොල්ලෝම එයාලාගේ ආශාවන් එක්ක ගැටෙන්න උනේ එහෙමයි... සොබාදහම මනුශ්‍යාට අයිති නැති බවත් , මනුශ්‍යයා හැමවිටම සොබාදහමේ කොටසක් කියන එකත් මේ ඍෂිවරුන්ට අමතක වෙලා තිබුනා ... මේ ක්‍රම අතරේ , එක් නොහිතුව දෙයක් සිද්ධ වෙලා තිබුණා... පුරාවෘත්තවල තියන භයානකම ඉපදීමක්... පරාජය කළ නොහැකි බලවේගයක්... සොබාදහමට අභියෝග කරන හුස්ම.... හැම වරමකටම අභියෝග කරන්න පුලුවන් විනාශයේ සංකේතයක්... අවසානය පැහැදිලි නැති භයානක කාලේකට පස්සේ , ඍෂිවරු සියලු දෙනා සම්මුතියකට ආවා ... මින් පස්සේ උතුරටත් , දකුණටත් හුළග මිස අන් කිසිවක් නෑ කියලා ඔවුන් සම්මතයකට ආවා...එදා , ආශක්‍ය පෙළපතත් , වේඝර්ණ ඍෂි පෙළපතත් යාදම් ගිවිසුමෙන් බැදුනා... 

- Plot 23 -Where stories live. Discover now