- 105 -

4.9K 725 303
                                    

ඇදිරි වැටීගෙන එද්දි සුළි කුණටුවක් වගේ වේඝර්ණ මැන්ශන් එකට කඩන් වැදුන ගවීෂ් , ගොඩක් අයගේ අවධානේ හොරකම් කලා....ඒත් සාලේ ඉදපු දෙවෙනි පරම්පරාවේ කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා කරන්න කරදර නොවුන ගවීෂ් , කෙලින්ම තුන් වෙනි පරම්පරාවේ පොදු කාමරෙට එබුනේ ඒක පාළුවට ගිහින් බව නෝට් කරගෙන.... හිස් වෙලා ගිහින් තියෙන එයාලගේ පොදු කාමරේත් එක්ක හීනියට උනත් ඉතිරි වෙලා තිබ්බ අන්තින විශ්වාසෙත් ඉරිතලනවා ගවීෂ්ට දැනෙනවා....

ඉතින් එතනත් වැඩි වෙලාවක් නාස්ති නොකරපු කොල්ලා ඒ ආවේගෙන්ම ඊළග ෆ්ලෝ එකට නැග්ගේ හතර වෙනි වතාවටත් මියුන් නිසා රින්ග් උන කෝල් එක කට් කරන ගමන්.... මේ වෙලාවේ කෝල් එක ආන්ස කළොත් අහේතුකවම මියුන්ට රිද්දන්න එයාට පුළුවන් බව ගවීෂ් හොදටම දන්නවා....  මොකද ඒ තරම් ක්ෂණික බරක් දැන් එයාගේ උරහිස්වලට දැනෙනවා.... ඒ වගේම හැමදේම උස්සලා පොළවේ ගහන්න හිතෙන විදියේ හැගීමක්.... නිකන් නෙවේ , සැහෙන තරමක භයානක හිස් හැගීමක් එක්ක.... ඇස් දෙක සැරින් සැරේට කෙවෙන්නෙත්, ආයේ එයාගෙම තරවටුවලට බය වෙලා ඇස් පියවෙන්නෙත් එකම වේගෙකින්....

" ගවීෂ් !! " එයා උඩට නගින්න කලින් , යොවන්දි පහළ ඉදන් කතා කලේ ගවීෂ්ගේ වේගේ අල්ලගන්න ඉක්මනින් පඩි පෙළ නැගගෙන ඇවිත්..... ගවීෂ් එහෙමම පඩි පෙළේ නැවතුනේ යොවන්දිට ඇහුම්කන් දෙන්න හිතාගෙන.... කෝමටත් , දැන් ඒ දෙන්නා අතරේ තියෙන්නේ සැහෙන තරමක සීතල බැදීමක්.. ට්‍රිප් එකෙන් පස්සේ තවදුරටත් යොවන්දිව ඈත් උන වගේ ගවීෂ්ට දැනෙන්නෙ... ඉස්සර එතන තිබ්බ බැදීම මොකක්දෝ මන්දා අයිස් තට්ටුවකින් වැහිලා... ඒ වගේම අහේතුකවම උනත් කවුරු හරි එයාව මෙහෙම හොයන් එද්දි ගවීෂ්ගේ ඔළුවට එන්නේ අරවින්ද්ව... !! ඒ බිදුණ විශ්වාසේ නිසා දැනෙන කාළකණ්ණි මුස්පේන්තු හැගීම...

" ම් ? " ගවීෂ් ඇහුවේ හති දාන යොවන්දිට මහන්සි අරින්න වෙලාව තියලා... ඇත්තටම එයා ඉන්නේ කතාකරන්න පුළුවන් තත්වෙක නෙවේ කියලා ගවීෂ් දන්නවා.... කිසිම හැගීමක් නැති හිස් ඇස්වලින් එයා යොවන්දිට ඉක්මන් කරන්න කියලා නොකියා කිව්වේ මේ වෙලාවෙ කාමරේ ඇතුළට වෙලා දොර ලොක් කරගන්න උවමනාවට... !!.... ඔව් !! දැන් ඕනේ එච්චරයි...

- Plot 23 -Where stories live. Discover now