-36 -

5.2K 797 63
                                    

'' ෂුවර් එකටම මේක අර ආශක්‍යසිංහ පරයොන්ගේ වැඩක් !!! '' ඩියෝන් කිව්වේ කේන්තියෙන් අත මිට මොළව ගන්න ගමන්...

'' අපිත් මෝඩයි උන් නිකන් ඉදියි කියලා හිතන්න... '' මෙතුල කිව්වේත් පොඩ්ඩකට වාඩි වෙන ගමන්..

'' ඒ වුනාට අපිත් උන්ට වැඩක් සෙට් කළානේ.. උන්ට සේසත් නෑ දැන් ගෙනියන්න.. පාට උලපුවා විතරයි.. '' සවින්ද කිව්වේ සෑහිමකට පත් වුන ගානට...

'' අනේ රෙද්ද , චූටි මාමේ.. එයාලාට සේසත් නැතුව හරි යන්න පුළුවන් !!! බලන්න අපේ කියකට ද තුවාල ද ? අර ^(*^#(*@^#(* %&*!%&*! !!! ''  ඩියෝන් කිව්වේ දන්න කුණුහර්ප සේරම මතක් කරන ගමන්...

'' කවුද හිතුවේ එයාලා බෝතල් කටු දායි කියලා අපේ සීමාවේ... දැන් අස් කෙරෙව්ව ද ? '' මෙතුල කිව්වේ ඩියොන් ඔළුව වනද්දි..

'' ඩියොන්.. '' ගවිෂ් ටෙන්ට් එකට කඩන් වැදුනේ කලබලෙන්.. හරිනේ හරිනේ..

'' අහ් එයා එන්නේ දැන් !! '' ඩියෝන් කිව්වේ ගවීෂ්ටත් රවන ගමන්.. ආශක්‍යසිංහලා එක්ක තියන කේන්තිය පිට වෙන්නේ ගවීෂ්ගේ පිටින්..

'' කී දෙනෙක්ට තුවාල ද ? '' ගවීෂ් ඇහුවේ කලබලෙන්...

'' විසි තුන් දෙනෙක්ගේ කකුල්වල ඇනිලා.. '' ඩියෝන් උත්තර දුන්නේ ටිකක් සන්සුන් වෙන ගමන්..

''එයාලාව යවන්න එපා... යොරෙල්ස්ලාව රිප්ලේස් කරන්න, විනාඩි විස්සකින් පෙරහැර පටන් ගන්නවා... '' ගවීෂ් කිව්වට වඩා අණ කළේ ඩියොන්ට කලින් සවින්ද ස්වේච්ඡාවෙන්ම ඒ වැඩේ බාර ගනිද්දි....

'' ඩියොන් , මාත් එක්ක යමු ? '' චූටි මාමා එළියට යනකං ඉදපු ගවීෂ් කිව්වේ අත මිට මොළව ගන්න ගමන්..

'' ගවීෂ් ??? ඔය මොකද ? '' ඩියොන් ආයේ කතා කරන්න කලින්ම මෙතුල ඇහුවේ ගවීෂ්ගේ අත්වල තිබ්බ ලේ පැල්ලම් නිසා.. පෙරහැරට විනාඩි විස්සයි...

'' ඉතිරි කරන්නෑ , අරුන්ව අද මං... ඩියෝන් යමං..!!! '' ගවීෂ් කිව්වේ ඩියෝන් එවරෙඩි පිට , ඔළුව වනද්දි.. ගවීෂ් මේ පැත්තට දුවන් ආවෙත් එයාගේ දකුණු අත ඩියෝන්ව උස්සන් යන්නම තමයි... ආවේෂ වෙලා ගානයි මිනිහා දැන්....අනිත් අතට එයාලාගේ සේසත් ටික විනාස කරපු එකට ආශක්‍යසිංහලා ඉන්නෙත් ඇවිළිලා කියන්න ගවීෂ් නොදන්නවම නෙවේ..

- Plot 23 -Where stories live. Discover now