- 98 -

6K 710 395
                                    

ගොම්මන ටිකෙන් ටික විලේජ් එක වහගන්න පටන් ගෙන... දම් පාටින් පස්සේ තද අළු පාටට අහස හැරෙනකන්ම සහය පෙළ ඩ්‍රොමිඩාලාගේ කේන්ද්‍රස්ථානය වෙලා තිබ්බ, අතැරල දාපු පරණ බංගලාව පුරුදු විදියටම ඉලුක් පදුරුවලිනුත් , නිශ්ශබ්දතාවෙනුත් වහගෙන තිබුනා... කදු ගැටයක් උඩ හික් ගෑවෙන ප්ලේස් එකක තනි පංගලමේ තියෙන බංගලාව ගවීෂ්ට අනුව නම් සෑහෙන බූත පාටයි... වේඝර්ණ , ආශාක්‍ය මැන්ශන්ස් කොච්චර පරණ උනත් ඒවා කිසිම කාලෙක පාළුවට ගිහින් නැහැ.... අනික අපරාදේ කියන්න බෑ වේඝර්ණ මැන්ශන් එක ගත්තම ඒකේ හොල්මන් කරන්න උන්ගේ තුන් වෙනි පරම්පරාව දුන්නේ නොමද සහයෝගයක්.....

අපර් විලේජ් එක , ඩවුන් විලේජ් එක සහ දැන් යොරෙල් විලේජ් එක... ඒ ඇවිත් කාලෙන් කාලෙට එයාලා ගග දිගේ පහළට ඇවිත් පදිංචි උන තැන්.... පැති දෙකේම ඩවුන් විලේජ් එකේ මුහුම් වංශිකයන් වැඩියෙන් හිතවත් උනේ සහය පෙළ නුමුහුම් පරම්පරාවට කිව්වොත් වැඩියන් හරි... ඒත් අවසානයේ සම්පූර්ණ බලය හැම තිස්සෙම කේන්ද්‍රගත උනේ ආර්‍ය වේඝර්ණාරච්චි ගාවත් , විමල් ආශාක්‍යසිංහ ගාවත් තමයි....

ඇති පමණට ඇදිරි වැටුනම ගවීෂ් තමන්ට ප්‍රතිවිරුද්ධ කෝණයේ ඉදපු අරවින්ද්ට ඇතුළට යන්න කියල සන් කලේ , අඩුම මේක ආශාක්‍යලාගෙ ප්ලේස් එකක් නිසා මිසක් අරවින්ද් පවා මේ ගැන දන්නකමකට නෙවේ.... උගෙත් කෝඩුකාර ගමනය කිටලනේ කිව්වේ......

හුදෙකලා බංගලාව ගාවදි කෙනෙක්ව මුණ ගැහෙන්න තියන සම්භාවිතාව කොච්චර අඩු උනත් උරුමක්කාරයෝ දෙන්නම ඒ ගැන ඕනවටත් වඩා පරිස්සම් උනා.. ඉතින් ඩබලම මේ ඉන්නෙ තනිකලු ඇදගෙන , එයාලගේ අනන්‍යතාවය හංගගන්න පුළුවන් තරමින් මුහුණත් , කළු මාස්ක් එකකින් වහගෙන.....

අරවින්ද් සැලකිය යුතු දුරක් යනකන් බලාගෙන ඉදපු ගවීෂ්නුත් , වැටමාර ගොල්ලටම මුවා වෙලා , බංගලාවේ ඉස්තෝප්පුව ගාවට ගෑටුවේ , උස ඉලුක් මානා පදුරු අතරින් අමාරුවෙන් පාර පාදාගන්න අතරේ....වතු පාළු වැල් දැනටම බංගලාව වහගෙන.... කොහෙද ඉතින් අයිතිකාරයටවත් නැනේ කිසි උනන්දුවක් මේක ගැන..

එයාගේ අතේ මේ තියන අගල් කිහිපයේ ටෝච් එක ඇරුනම කොල්ලෝ දෙන්නගෙ ෆෝන්ස් පවා මේ වෙද්දි ඕෆ්.... අරවින්ද් ගාවට ගිහින්ම , මේ ආශාක්‍යසිංහ බංගලාවේ සිරි නරඹන්නත් අමතක නොකර ගවිෂ් උට ඇතුළට යන් කියලා සන් කලේ ඌ ඇස් දෙකෙන් රවලා බලද්දි... අහ් කට වැහිලනේ මාස්ක් එකට.... අහ්හ් !! දොරට  ඉබ්බා දාලානේ....

- Plot 23 -Where stories live. Discover now