- 89-

5.4K 738 261
                                    

" උබ කාත් එක්කද බොල මල් නෙලන්නේ ?" ගවීෂ් ඩියෝන්ගේ කරට අත දාගෙනම වාඩි උනේ උගේ මූණේ තියෙන මනමාල හිනාවයි, අතේ තිබ්බ ෆෝන් එකයි බලාගෙන.... ඌ කොච්චර වේගෙන් ඒක ඕෆ් කරලා පැත්තකින් තිබ්බත් ස්ක්‍රීන් එක නම් ගවීෂ් සැහෙන වේගෙකින් රීඩ් කරගෙන ඉවරයි... මොනා නමුත් ඩියෝන්ගේ ක්‍රෂ්වලයි, කලින් කෙල්ලොන්ගෙයි නෝමල් චැට් බැක්ග්‍රවුන්ඩ් එක තිබ්බේ මෙච්චර කල් හිස්ව... ඒත් වැරදිමක් නැත්තන් මේකේ තිබ්බේ අර හිකප් නුයි ටූත්ලස්නුයි ඉන්න කතාවේ සුදු පාට හුරතල් මකර පැටියා....

" ම්.. කෙල්ල කවුරු නමුත් යම් දියුණුවක් තියෙනවා වගේ .. " ගවීෂ් කියාගෙන ගියේ ඩියෝන් අහක බලපු විදියට එයා තාමත් ඉන්නේ කට්ටිය ඉස්සරහ බැනුම් අහන්න උන එකට අවුලෙන් කියලා නෝට් කරගන්න අතරෙ.... දැන් ඉතින් මූව ශේප් කරගන්නත් ඕනේ... පොඩි එකක් යාලු කරගන්නවා වගේ වැඩක් ... සෑහෙනම අමාරුයි....

" කෙල්ල ලස්සනද ඉතින් ? " ගවීෂ් ආයේ ඇහුවේ ඩියෝන් ඒ සැරේ රවද්දි....

" මේ රැවිල්ලට ද ඒ කෙල්ල ඇන්දුනේ ආ ආ ? " ගවීෂ් ඩියෝන්ගේ කම්මුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට හොලවන ගමන් ඇහුවේ ඩියෝන් අතත් ගහලා දාද්දි.. අපරාදේ කියන්න බෑ , මිනිහා කොච්චර ගෑස් දැම්මත් එයාට යන්තන් හිනාත් ගියා කියල ගවිෂ් දැක්කා... ආව් ආව්....ඉතින්....

" මේ .. මේ.. ආශී... යොවන්දි.... අපේ ඩියෝන්ට ගෑනු ළමයෙක් ඉන්නවා........ ඉන්නවා.... " පොඩි කාලේ ඉදන් දෙන්නට දෙන්නා ආතල් එකට ගන්න යූස් කරන බෙන්ටෙන් එකේ දෙබස ගවීෂ් තාලෙටම කිව්වේ ඩියෝන් ගවීෂ්ගේ කට වහද්දි.... කොහෙද... ගවීෂ් මහ හය්යෙන් බෙරිහන් තියලා ඉවරයි , වේඝර්ණලාට විතරක් නෙවේ ආශාක්‍යසිංහලටත් ඇහෙන්නම.....

" ඩියෝන්ට ? එච්චර දෙයක් කරගන්න බැ ගවීෂ් අය්යේ... " ආශදීත් එකතු උනේ , ඩියෝන් අතට අහුවුන හිස් කෑන් එකෙන් ආශදීට දමලා ගහද්දි.....

" මට ඇති කෙල්ලෙක් නෑ.. " ඩියෝන් කිව්වේ මූණත් පුම්බගෙන... ආඅව් ආව් බොලේ ...මේං එක්කෙනෙක්ට ලැජ්ජ හිතිලා....

" මේ... ඔය කෙල්ලගේ නම්බරේ දෙන්න බැරිද.... උබේ එක්ස්ලා ලිස්ට් එකයි ක්‍රෂ් ලිස්ට් එකයි සෙන්ඩ් කරන්න... " ආශදී ඒ සැරේ ඉදිරිපත් උනේ සෑහෙන ගැම්මකින්....

- Plot 23 -Where stories live. Discover now