- 29 -

5K 808 40
                                    

' අඩො මොකද උබ සුදුමැලි වෙලා... '' ගවීෂ් හිමින් ඇහුවේ අරවින්ද්ගේ පැත්තෙන් පිහියයි භාජනයයි අරන් වාඩි වුන මියුන් දිහාත් ඇස් අයිනෙන් බලන ගමන්.. සේරමත් හරි මූත් ඉන්නවනේ..

'' උබ පිහිවලට බයයි කියලා මං නං අහලා තියෙන්නේ.. '' අරවින්ද් නෝන්ඩියට කිව්වේ මියුන්ගේ අතේ තිබ්බ පිහිය ගවීෂ්ගේ ඇස් ඉස්සරහට අරගෙන..

'' හහ්... මම නෙවේ උබ බයයි කියලා මට පේන්නේ.... අවශ්‍යතාවයක් තියේ නං දැන්ම කියන්න අරවින්ද්... ඔයාගේ මල්ලි බබාට කියලා ඩයපර් එකක් ගෙන්නගමු.. නේහ් ? '' ගවීෂ් මියුන්ගෙන් ඇහුවේ මියුන් කිසිම උත්තරයක් නැතුව ගවීෂ් දිහා කෙලින් බලද්දි... අරවින්ද්නුත් ෂර්ට් එකේ අත උඩට ඉස්සුවේ මුළු විලේජ් එකම වගේ කොල්ලො දෙන්නාගේ කැප කිරීමයි ධෛර්යයි ජජ් කරන්න රොත්ත පිටින් එකතු වෙලා ඉද්දි..

'' තමුසේ මුලින්.. '' අරවින්ද් කිව්වේ පිහියට ගැස්සෙන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන ගවීෂ්ට නෝන්ඩියට..

'' මං ?? හහ්.. පිස්සුද !! ලේඩිස් ෆස්ට්නේ.. උබ මුලින්.. '' ගවීෂ් කිව්වේ ඩියෝන්නුත් නෝන්ඩි හිනාවක් දාද්දි.. පොරත් හොදට දන්නවා ගවීෂ් අය්යා පිහිවලට බයයි කියන්න...

'' ඕකේ එහෙනම්... බලාගනින් .. මියුන් අල්ලන්න.. '' අරවින්ද් කිව්වේ මියුන් අරවින්ද්ගේ වම් අතින් තදින් අල්ලගනිද්දි.... ටෝක් දුන්නට මොකද අරවින්ද්ට සිරාවට ගට් එකක් තියේ කියලා ගවීෂ්ට තේරුනේ පිහිය අතට අරගෙන අතේ වැලමිටට උඩින් දළ පාරක් ලකුණු කරපු විදියට.... දෙවෙනි සැරේම ඇස් දෙක තදින් පියාගෙන අරවින්ද් පිහි දාරය අත දිගේ අරන් ගියේ සෙන්ටිමීටර් දෙකක විතර ගැඹුරු දිග කැපුමක් අතේ බාහුව දිගේ අැති කරලා... ආශක්‍යසිංහලාගේ ඔල්වරසන් මැද්දේ අරවින්ද් අත භාජනේට ඇල්ලුවේ ලේ ගෑවුන පිහිය දිහා ගවීෂ් භයානක බැල්මක් දාද්දි... දෙයය්නේ එයාම කපාගත්තා !!!! පුදුමයක් නෑ පවුලේ සේරටම හිතක් පපුවක් නැති එක... සුදු පාට රෙද්දකින් ඔතපු ආශක්‍යසිංහ රක්ත භාජනය දැන් ගවීෂ්ගේ එහා පැත්තේ....

කවය එහා පැත්තේ තියලා තිබ්බ කොටපු බෙහෙත් ටික එයාම අතට ගත්ත අරවින්ද් තුවාලේ උඩින් තියාගත්තේ ගවීෂ් දිහාවට හැරෙන ගමන්... එක අතකට මුට ගට් එකක් නැතුවම නෙවේ... ගවීෂ් හුස්මක් අරගෙන පොඩි කිණිස්ස අතට ගත්තේ , ඩියෝන් ගවීෂ්ගේ උරහිසට හෙමින් තට්ටුවක් දාලා මැටි භාජනය එයා ගාවින් තියද්දි... අරවින්ද්ගේ මූණේ නෝන්ඩි හිනාව , වටේ පිටේ මිනිස්සුන්ගේ මිමිණිලි... සීයාගේ ඇස් - ගවීෂ් පිහිය අතට තද කරගත්තේ හුස්මක් ගන්න ගමන්.... සුදු මාමාවත් ඉදියා නම් !!!

- Plot 23 -Where stories live. Discover now