-35-

6.1K 829 140
                                    

විලේජ් එකේ ඩ්‍රොප් සෝන් එකේ දෙපැත්තේ මාවත් දෙකම , රතු නිල් ලොකු සේසත් , ධජවලින් හැඩවෙලා... බන්ෂ් එකට දකුණින් බර්ඩ්‍රේන්ස්ලාගේ පෙරහැරත්  , බන්ෂ් එකේ ඉදන් උතුරට ඩ්‍රොමිඩියන්ස්ලාගේ පෙරහැරත් පැති දෙකකින් බන්ෂ් එකට ආවේ අවුරුදු ගාණක ඉදන් තිබ්බ එයාලාගේ සම්ප්‍රදායට අනුව...  පෙරහැර වතාවත් සාමාන්‍ය වතාවත් වගේ නෙවේ , සම්පූර්ණ ඉතිහාස කතාවක් වගේ කිව්වට වැරදි නෑ.... එයාලාගේ අතීත සම්ප්‍රදායික ඇදුම්වලින් සැරසුනු හැම යොරෙල් කෙනෙක්ම , හැම බර්ඩ්‍රේන් කෙනෙක් වගේම හැම ඩ්‍රොමිඩා කෙනෙක්ම , හරිම අමුතුම විදියේ ඓතිහාසික සංරචක වුනා... දවල් දොළහා පහුවෙනකං , එහාට මෙහාට දුව දුව ඉදලා දැන් තමයි පෙරහැරේ වැඩවලින් බාගේට බාගයක් ඇද්ද ගවීෂ්ටයි , යොවන්දිටයි , ආශදීටයි පොඩි විවේකයක් ආවේ... ඉතිරි වෙලා තිබ්බ විලක්කුවල වැඩේ ඩියෝන්ට බාර දීලා තුන් දෙනා එක්කම ආපස්සට මැන්ෂන් එකට ආවේ එයාලාගේ අමුතුම ඇදුම් ටිකට මාරු වෙන්න....

හරි , ඉතින් ගවීෂ්ට නං මොකක් හරි.. කෝක ඇන්දත් මොක ද -  ඒ ඇදුමට කියන නම නං මිනිහා දන්නෑ ,  හැබැයි ඒක කලිසමකුත් නොවෙන සායකුත් නොවෙන සරමකුත් නොවෙන අමුතුම මොඩ්ල් එකක්.. හොද වෙලාවට එයාගේ සුදු මාමාණ්ඩි ඉන්නවා අන්දන්න... අත් දෙක දෙපැත්තට දාගෙන සුදු මාමා ඒ මොකක් ද එක අන්දනකං ගවීෂ් බලන් ඉදියේ  මූණත් ඇද කරගෙන... අර සේසත්වල වැඩේත් බලන්න තියෙනවා... අර්ර්ර්ර්..... 

'' ගවීෂ් දගලන්න එපා .. '' මෙතුල පොඩි ළමයෙක්ට වගේ සැර කළේ ගවීෂ්ව අල්ලලා කෙලින් හරවන ගමන්....

'' නිකන් කලිසමක් ඇදන් ඉදියා නං ඉවරයිනේ.. කොළ අතු ටිකක් එල්ලගත්තා නං ඔරිජිනල් වැද්දෙක් කොදොා්ය් .. ඒනං මං මේමම කැකුළියෙක්ව ගෙට මංගච්නවා කොදෝඕඕ යි....  '' ගවිෂ් කිව්වේ මෙතුල යටි තොලත් හපාගෙන හිනා වෙද්දි....

'' කැකුළියක් මංගච්චන්න ගොහින් , මේ කැකුළලැත්තාගේ බොට කදයා මෙයැත්තොගේ හිස්පොජ්ජ මන්දො කොරෙනවා කොදෝඕඕයියි.. '' මෙතුලත් නෝන්ඩියටම ඇදලා කිව්වේ ගවීෂ් තොල් දෙක උල් කරලා රවද්දි.... සුදු මාමාට වගේ හැම භාෂාවක්ම එයාට බෑ නෙව....

- Plot 23 -Where stories live. Discover now