- 49 -

4.9K 776 100
                                    

'' තියපන් මගෙන් මැරුම් නොකා....''

'' ම්හ් !! '' මියුන් පොඩි එකෙක් වගේ ගස්සනවා ගවීෂ් බලාගෙන.... හිටි ගමන් පොඩ්ඩක් ට්‍රැක් එකෙම් පනිනවා නම් තමයි මේකා... හැබැයි මෙච්චරම කියලා නං හිතුවේ නෑ....

'' හැදිලා තියෙනවා මූත් එක ගානකට හහ්... ! '' ගවීෂ් හිනා වෙවී කිව්වේ ෆෝන් එකට රවන ගමන්.... නාන ගමන් මේ පොඩි එකා එක්ක මේ වගේ දේවල් කතා කරලා , පැයක් ඇතුළත සීයාව බලන්න යන්න වෙන්නේ ඈතින් අඩි තිය තිය තමයි !!...

'' තිමෞර්ය.... ''

'' ඔව් වදේ කියපන් ඉතින්... ''

'' තමුසේ ඇත්තටම හොදින්ද ? '' ආයේම මියුන් ඇදේ හරි බරි ගැහෙන විදිය ගවීෂ් බලාගෙන ඉදියේ තත්පර ගානකට ගොළු වෙලා...

'' ඇයි අවුලක් පේනවා ද ? ''

'' නැහැ , මොකකට හරි බය වෙලා වගේ... '' මියුන් ඒක නම් කිව්වේ ටිකක් සිරියස් පිට බව තේරුන ගවීෂ් ටක් ගාලා දත් සැට් එකම පේන්න හිනාවක් දැම්මේ මිඩ්ල් ෆින්ග එක ස්ක්‍රීන් එක වැහෙන්නම අල්ලන ගමන්.....

'' අපේ අප්පේ.... තමුසේ මං ගැන හිතනවැයි ඔය ? '' ගවීෂ් නෝන්ඩියට ඇහුවේ තනි අතින් සබන් කැටෙත් අතට අරගෙන ෂවර් එක හොට් වෝටවලට මාරු කරන ගමන්....

'' ඔය මොනවා කරන්නද හදන්නේ ? '' ගවීෂ්ගේ ප්‍රශ්න ඇහුන්නැති ගානටම මියුන් ඇහුවේ ගවීෂ් ෆෝන් එකට යන්තම් හිනාවක් දාද්දි.... තව විනාඩි හතළිස් පහක් වගේ තියෙන්නේ..... කොහෙද දැන් පැය කාලක් තිස්සේ නානවානේ.... කමක් නැ පැය බාගයක් තියලා එළියට පැනගත්තම මදැයි....

'' වෙන මොකක්ද ඉතින් සබන් ගාන්න තමයි.... ඇයි ? ''

'' බොඩි වොෂ් එකක් නෙවේ ද උබ ගාන්නේ ? '' අපේ අප්පේ..... මූ යකො.... මුට මොකද කියන්නකො මං මොක ගාලා නැවත් හහ්.... මං ගාන්නේ සබන් !!! හහ්...

'' හහ්.... උබට වගේ ජැක් බ්ලැක් බොඩි වොෂ් ගාලා නාලා, මදි පාඩුවට මැට්‍රික්ස් බෝතලේම ඔළුවේ හලාගෙන , පස්සේ රෝයල් මිරාජ් නාලා වගේ හෙන කට්ටක් කන්න ඕන නැ මට සූද ගහන්න.... බලහන්... මේ කූචි කූචි සොප්ට් සබන් කැටේ ඇති මට... '' ගවීෂ් කිව්වේ මියුන් ගාවින් එන සුවදවල් ටික වේඝර්ණ කෙනෙක් විදියට මේ වෙන කොට හොදටම දැනගෙන ඉදිය නිසා... මූ ගාලා නාන ඒවාට විතරක් ආශක්‍යසිංහ බූදලෙන් හෙන ගානක් යනවා ඇති...!!

- Plot 23 -Where stories live. Discover now