- 19 -

5.4K 848 34
                                    

'' වේඝර්ණලා එහෙම තිරණයක් ගන්නවා නං , අපි පරක්කු වෙන එකෙන් හානියක් වෙන්නේ ඩ්‍රොමිඩියන්ලාට... '' විමල් ආශක්‍යසිංහගේ කටහඩ ශාලාව පුරා පැතිරිලා ගියා..  එයාගේ එහා පැත්තේ ඉන්න අරවින්ද් වේගෙන් හුස්ම ගන්න හඩ නිශාට ඇහෙනවා... මෙතන වෙන කිසිම දෙයක් නොපෙනුනත් , මෙතන තියන අධික නිහඩතාවය නිශාව තවත් කලබල කරනවා... එයා මේසේට යටින් අතපත ගාලා හොයාගත්ත අරවින්ද්ගේ අතින් අල්ලගත්තේ අරවින්ද් ආපස්සට එයාගේ අක්කාගේ අත මිරිකද්දි.. අරවින්ද්ගේ අත සීතලයි... මෙච්චර වෙලා හොදට කකා ඉදපු මෙවීනාට කෑම කන්න තිබ්බ සේරම ආසාවල් නැති වෙලා ගිය ගානට එයා බිම බලාගෙන කියලා ක්‍රිෂ්ට හොදටම පේනවා.. ඊට හපන් මෙවීනාගේ එහා පැත්තේ අත මිට මොළවගෙන කේන්තියට වෙව්ලන මියුන්...

'' අරවින්ද් මොකද කියන්නේ ? ''

'' සි -සි සීයේ ? '' පළවෙනි වතාවට සීයා ඉස්සරහා අරවින්ද්ට වචනත් පැටලැවෙනවා... ඒ තත්පරේට මෙවීනාගේ ඇස් දෙක දිහා බැලුන අරවින්ද් තත්පරෙන් බිම බලාගත්තේ නළල දිගේ දාඩිය බිංදු මතු වෙද්දි... ඇස්වලට කොච්චර පෙනුනේ අන්ධකාරය විතරක්ම උනත් , තමන්ගේ මල්ලිගේ කලබල වීම නිශාට හොදටම දැනෙනවා...

'' ම්ම් - ඔයාලා කතා කරලා කියන්න බලන්න.. '' විමල් ආශක්‍යසිංහ කිව්වේ සැහැල්ලුවෙන් එයාගේ අතුරුපසට වගකියන ගමන්... මේසය පුරාවටම දැඩි නිශ්ශබ්දතාවයක්... මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා !! නිකන් නෙවේ හොදම එකෙන් !!!.... අද නේද අරවින්ද් එක්සැම් ඉවර කළෙත්... !!  ක්‍රිෂ් හිතුවේ සනෝශ් තනෝශ් දෙන්නා වෙන දේ හිතාගන්න බැරුව මූණට මූණ බලාගෙන මොනවද මුමුණද්දි...

'' ලොකු නංගි... '' අන්තිමේදි අරවින්ද්ගේ අම්මා , නිශ්ශබ්දතාවය බින්දා.... එන පොට මොකක්ද කියලා තේරුන මියුන් අරවින්ද් දිහා කෙලින්ම බැලුවේ මියුන්ගේ බැල්මට අරවින්ද් බිම බලාගනිද්දි... අරවින්ද්ගේ අම්මා කතා කරපු එකට මෙවීනාගේ අම්මා, මෙවීනා දිහා බලලා මාමා දිහා බැලුවේ කියන්න දෙයක් හිතාගන්න බැරුව...කොහොම කතා කරන්න ද , මුළු පවුලම ඉස්සරහා ? මියුන්ගේ පොඩි නැන්දා , නැත්තන් මෙවීනාගේ අම්මා කවදත් නිහඩ චරිතයක්... මාමාත් කවදාවක්වත් පවුලේ දේවල්වලට ඇගිලි ගැහුවේම නැති තරම්....

- Plot 23 -Where stories live. Discover now