- 119 -

9.4K 920 1.3K
                                    

බන්ෂ් එකෙ බටහිර අහසට බර වෙලා තිබුන තද ඉර එළිය , දැන් නම් සම්පූර්ණයෙන්ම වගේ මැකිලා ගිහින්..... ඉතින් මේ වෙනකොටත් ඇතුළු මළුවේ සීමාවෙ ඉදපු මියුන්ට ප්‍රතිචාර විදියට අහස පුරාවට තිබුනේ අමුතුම වළාකුළු අදුරක්....  වළාකුළු අදුරටත් වඩා වේගයෙන් ඇගේ වැදෙන හුළං කුණාටුව මේචුයුරි ගහේ බෝතල් එකිනෙක මහ හඩින් වද්දනවා.... ඒ බෝතල් කිහිපයක් කුඩුවෙලා බිම නොවැටුනාම නෙවේ..... ඒක එක්තරා විදියක මූසල රාතියක ආරම්භක වෙඩිල්ලක් වගේ !!!...

ඇ‍රත්, කොහෙත්ම සන්සුන් නැති මළුවෙන් දිගින් දිගටම අනියම් මිමිණීම් නැගුනේ , ශුද්ධ බර්ඩ්‍රේන්වරුන්ගෙන් සහ, ඩ්‍රොමිඩාවරුගෙන්.... පොදු නීති රීතිවලට අනුකූලව සාමාන්‍ය යොරෙල්ස්ලට බන්ෂ් එකට ඇතුළු වීම තහනම් උනත් , දැනටම අතරින් පතර එයාලත් නොහියාම නෙවේ... ඒත් එතන ශුද්ධ වංශයේ අය ඉදියේ බොහොම අතළොස්සක්... සමහර විට ඇතැමෙක් ජීවිතය රැකගන්න උවමනාවෙන් හැංගිලා... නැත්තන් තුවාල ලබල..... සමහර විට හිටිහැටියෙම ඇතුළේ මතුවුන කලබලකාරී වාතාවරණය නිසා එහෙම හැංගෙන එකෙත් වැරැද්දක් නැහැ....

වසර හත්දාහක් පුරාවට පූජනීය එයලගේ මේචුයුරි ගහේත්, ජගුවර් කොතෙත් ඇතුළ් මළුව අභියෙස තිබුනේ සෑහෙන තරමක් උසට ගොඩ ගහපු පස් කන්දක්... ඉතින් , සවින්ද වේඝර්ණාරච්චිගේ යොරෙල්ස්ලා විසින් හාරපු ඒ විශාල ආවාටයක පරාසය , මතුපිට මළුවත් , අභ්‍යන්තර භූ ගර්භයත් අතර ඍජු සම්බන්ධයක් හදාගෙන ඉවරයි....

කිසිම කෙනෙක්, අඩුම එතන රැස්වෙලා ඉදපු කිසිම වේඝර්ණ කෙනෙක් පවා සවින්ද වේඝර්ණාරච්චිගේ අණට පිටින් යන්න අදහසක් නොතිබුන තරම්... එතකොට ආශාක්‍යසිංහලා ? ! ප්‍රධාන ඍෂිතුමා එක්ක වාදෙක ඉන්න විමල් ආශාක්‍යසිංහත් මෙතනම ඉද්දි , එතනින් එහාට මොන විරෝධයක්ද ? ඒ සියල්ලටම වඩා, තම තමන් පොඩි කාලේ අහපු බර්ඩ්‍රොමිඩා පුරාවෘත්තයේ ඇග කිළි පොළා යන ජීවමාන සාක්ෂි දකිද්දි, කවුරු කියලා නම් අඩියක් ඉස්සරහට තියයිද ? ඉතින් යදම් දාලා මුර කරන්න සිද්ධ උනා නම් ඒ , උත්තරීතර වේඝර්ණ උරුමයත්, ආශාක්‍යසිංහ උරුමයත් විතරමයි....

එන්න එන්නම බටහිර අහසට යන ඉරෙන් පස්සට උදාවෙන අමාවක...!! ගවීෂ් අමාරුවෙන් බෙල්ල හැරෙව්වේ එයාගේ එහා පැත්තේ ඉදපු අරවින්ද් දිහාවට.... අරවින්ද්ට සිහියවත්  තියෙනවද ? !! අහ් ඔව්, මිනිහා පියවි සිහියෙන්.... අරවින්ද් ඉන්නේ සමහර විට මුළු සටනම හිතින් අතඇරලා... අරවින්ද් කොච්චර කෙරුවාව කියෙව්වත්, එයා වෙලාවකට තමන් ගැනම විශ්වාසය තියන්න බය බව ගවීෂ් නොදන්නවා නෙවේ...ඔව් , නැත්තන් අරවින්ද්ගේ ධාහන්රා එක කියන්නේ ලේසියෙන් බිදෙන දෙයක් වුනේ කෝමද ? දේවල් නරක අතට හැරෙද්දි අරවින්ද් හරි බයයි වෙලාවකට තමන්ව විශ්වාස කරන්න.... ආයෙ යොවන්දිට මොනව වෙන්න ඇත්ද ? කෙල්ල තාමත් ඇත්තේ ඩන්ජන් එකෙ බිම ද ? ....

- Plot 23 -Where stories live. Discover now