- 120 -

6.3K 963 1.2K
                                    

නක්ෂත්‍ර අමාවකින් පස්සේ ටිකෙන් ටික වැටුන ඉර එළිය දැන් නම් බන්ෂ් එක සම්පූර්ණයෙන් එළිය කරගෙන ඉවරයි.. කෝමටත් බන්ෂ් එකට ආවේණික අදුරක් නොතිබුනාම නෙවේ.. ඒත් මේචුයුරි ගහේ කොළ අතරින් පෙරිලා ආපු ඉර එළිය නිසාම විලක්කුවලට සිද්ධවෙලා තිබුනා හෙමින් නිවිලා යන්න.... ආවාටේ ඇතුළේ හැමෝම තැන් තැන්වල වැටිලා ඉදියට, තවමත් ඉතිරි උන ශක්තියෙන් එහෙ මෙහෙ දුවන අය නැතිවම නෙවේ... හේමා ආර්‍යාවගේ සම්ප්‍රාප්තියත් එක්ක ගවීෂ්ගේ අලුත් නිළය ගැන ප්‍රශ්න කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනත් , ආශාක්‍යසිංහ පැත්තෙන් සහය පෙළ මුළුමනින්ම අරවින්ද්ගේ පැත්තට වුනත් ප්‍රධාන පෙළ සබ් ෆැමිලිස්වලින් කොල්ලට විරෝධයක් නොවුනම නෙවේ.... විශේෂයෙන් හැකියාවන් අතින් අරවින්ද්ට වඩා සනෝශ් ඉස්සරහින් ඉද්දි.... ඒත් සනෝශ්ගෙ මුරණ්ඩු ගතියත්, අරවින්ද්ට පණ ඇරලාත් නිසාම අරවින්ද්ට විරුද්ධව සනෝශ්ව යෝජනා කරන්න තරම් කිසිම කෙනෙක් නිර්භීත උනේ නැ.....

චූටිමාමාගේ යටත් උන යොරෙස්ලාත්, ඉසිවර වේඝර්ණාරච්චිගේ බර්ඩ්‍රේන් සහය පෙළ යොරෙල්ස්ලාත් , විමල් ආශාක්‍යසිංහගේ ගාඩ්ස්ලාත් සම්බන්ධයෙන් අලුත් වංශ නායකයෝ දෙන්න තවමත් තීරණයකට ඇවිත් නැහැ... එයාලා ගාව තිබුන විෂ අවි, සෑහෙන තහනම් ක්‍රමවේදවලට හැදුන දේවල්.. ඒ නිසාම එයාල ගැන ලේසියට හිතල ආයේ විලේජ් එක අනතුරේ දාන අවධානම ගන්නත් බැහැ.... තවමත් ලිහාගන්න බැරි උන සිද්ධිවලට තියෙන එකම ඇසින් දුටු සාක්ෂිත් එයාලා විතරමයි.... අරවින්ද් වගේම ගවීෂ්  ප්‍රශ්න කිරීම්වලින්ම කෝමටත් සෑහෙන හිස්තැන් ප්‍රමාණයක් පුරවගෙන ඉවරයි....

" මොකද කල්පනාව ගවීෂ් ? " ගවීෂ් ඇස් ඇරියේ සුදු මාමගේ කටහඩට...එක දිගට දවස් කිහිපයක්ම මගඇරුන නින්දත් එක්ක ගවීෂ් මේ ඉන්නේ සුදු මාමගේ උකුල උඩ ඔළුව තියන්..... නින්දක නම් නෙවේ... සෑහෙන කල්පනාවක... දේවල් සිද්ධ උනා ඉක්මන් වැඩිද ? සම්පූර්ණ බර්ඩ්‍රේන් වංශයම එහෙමට කර උඩ පැටලුන එක තවමත් ගවීෂ්ගේ හිතට බරයි... අරවින්ද් ඉන්නවා, එයා වටේ සැහෙන යොරෙස්ලා පිරිසක් ඉන්නවා..... ඒත්--- මොනවමහරි මග ඇරුනු බවක් දිගින් දිගටම ගවීෂ්ගේ හිතට වද දෙනවා.....

- Plot 23 -Where stories live. Discover now