- 64 -

4.8K 717 160
                                    

බන්ෂ් එකේ ඇතුළ් ප්‍රදේශ කෝමටත් නුමුහුම් පරම්පරා දෙකට වෙන් වෙලා තිබුනත් , එළිය මළුවේ මදි නොකියන්න ඉන්න සෙනග දැක්කම ගවීෂ්ගේ බඩත් එක්ක දගලනවා.. ගැම්මට ඩියෝන්ව එළියට යැව්වා වගේ නෙවේ දැන් තමා ඌ නැති අඩුව තේරෙන්නේ... ආශදී යොවන්දි ගාව.... සුදු මාමා පැත්ත පළාතක එන්නෙත් නැහැලු... මෙතැන එයැයිගේ ආදරණීය ඥාති පුතාගේ එන්ගේජ්මන්ට් එක... කොච්චර බොරුව උනත් එයැයිට එන්න තිබ්බා හා නැද කියන්නකො ? මෙතන වෙන දෙයක් අහගන්නවත් එක මනුස්සයෙක් නැතුව ගවීෂ් ෆුල් අසරණ වෙලා බලාගෙන ඉන්නේ සාක්කුවට අත් දෙකත් ඔබන්...

කෝමටත් එයාලාගේ විවාහ ගිවිසගැනිමක්  පවා හෙනම චාරිත්‍ර ගොඩක්...  විශේෂයෙන් පරම්පරාවක ඊළග උරුමයක් සම්බන්ධව වැදගත් චාරිත්‍රයක්... වෙන විදියකින් උරුමය තහවුරු කරන විදියක්... හැබැයි උට වඩා ගවීෂ්ට දුක අර යොවන්දි ගැන.... මොකද වැඩිහිටි පරම්පරාව කියන උන්දැලා එක්කහු වෙලා අර කෙල්ලගේ මයිල් ගහෙන් මයිල් ගහට චාරිත්‍රයි වතාවතුයි... ඒ අතින් බැලුවම කොල්ලාට තියෙන්නේ මෙතනට වෙලා වේඝර්ණලා එක්ක කය්යක් ගහ ගහා බොරුවට ෆුල් ස්කේල් හිනාවක් දාන් බලන් ඉන්න විතරයි....ඒකත් එපා උන තැන එළිමහන් මණ්ඩපයේ පැත්තකට වුන ගවීෂ්  කම්මැලිකමට එයාගෙ සාක්කුවෙන් ෆෝන් එක ඇදල ගත්තේ ශේප් එකෙ කාගෙවත් අවධානෙට ලක් නොවී.... අරවින්ද්ට එක වතාවක්, සුදු මාමාට දෙවතාවක් ගානෙ කෝල් කරන්න ඇරුනම අද දවස පුරාම ඕෆ් එකේ තිබ්බ ෆෝන් එක ඔන් කරගත්ත ගවීෂ් බන්ෂ් එකේ ගස් අතරින් වැටෙන ඉර එළියේ ෆොටො එකක් ගහගත්තේ එක පාරටම ආපු අමුතු හැගීමකට...

අර බර්ත්ඩේ කොලුව මොනව කරනව ඇත්ද ? නිකමට හරි මතක් වෙනව ඇත්ද ? තාම විශ් කරන්න හිත හදා ගන්න බැරිකමට ගවීෂ් ඔහේ ෆොටො එකට කැප්ශන් එකක් ටයිප් කලේ ඒ කල්පනාවෙන්මයි..... කොහෙන් ද ඔලුවට ආපු ආසම සින්දුවක ආසම පේළි දෙක.....

" I start to imagine a world that we don't collide ....
And It's making me sick but we'll heal and the sun will rise...."

ගවීෂ් ස්ටෝරි එක පෝස්ට් කලේ ලොකු හුස්මක් අරගෙන... ආයේ ෆෝන් එක සාක්කුවට ඔබාගන්න කලින්ම ගවීෂ්ගේ ෆෝන් එක දෙදරුවේ ගවීෂ්වත් බාගෙට ගස්සගෙන.... ෆෝන් එක අන්ලොක් කරපු ගමන්ම උඩින් පහළට පොප් උන කොළ පාට හාට් එක... සේප් එකේ සීන් නොකර නොටිෆිකේශන් බා එකෙන්ම මැසේජ් එක කියවන්න ගවීෂ් සෙනග අතරින් ටිකක් පැත්තකට උනේ වටපිටත් බලන අතරෙ....

- Plot 23 -Where stories live. Discover now