- 69 -

5.4K 678 122
                                    

මෙච්‍යුරි ගහ ඉස්සරහ වැලි මළුවේ එක කුණු රොඩ්ඩක් නැති වෙනකන් පිහිදාලා..... අරවින්ද් ටිකක් විතර නොඉවසිල්ලෙන් පිටත මළුවට ඇතුල් වුනේ වටපිටාවේ ඉදපු වේඝර්ණලා දිහා ඇස් අගින් බලන අතරෙ.... සේරම වගේ ඉන්නවා.... සහය පෙළ අය පවා... ඔව්නෙහ් !! ඊයෙ එයාලගේ උරුම බබාගේ එන්ගේජ්මන්ට් එක.... හොදටම කළෙ ඉතින් !!......

නැහැ, කීයටවත් එක පාරින් ඒ බර්ඩ්‍රොමිඩා කෙනෙක්ගේ බලය කියන සැකය මතු වෙන්න විදියක් නැහැ..... ඊයේ හදිසියේ මියුන්ගේ සුරය ගැලෙව්වයින් පස්සේ නොහිතම උනත් පුස්තකාල ගර්භය පුපුරවන්න එයාලට සිද්ධ වුනා... හැම දේම මොනා හරි හොදක් තියේ කියන්න වගේ ඔයින් මෙයින් දැන් ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නෙ පුස්තකාල ගර්භයේ අභිරහස් පිපිරීම..... වෙන එකක් තියා චෝදනාව එල්ල වෙන්නේ වේඝර්ණලාට..... ඉතින් කීයටවත් විමල් ආශක්‍යසිංහ ඒ වගේ අවස්ථාවක් මග අරිවී ද ? ඊයේ විලේජ් එකේ වුන වාතාවරණයේ වෙනස් වීම කිසිම කෙනෙක්ගේ ප්‍රධාන මාතෘකාවලට ඇතුළත් නොවෙන්න තරම් පුස්තකාල ගර්භයේ පිපිරීම ප්‍රබල වෙලා තිබ්බ හේතුව දැන් අරවින්ද් හරියටම දන්නවා..... !!!

" ඕයි !!" අරවින්ද් නම නොකියන්න පරිස්සම් වෙලා ෆෝන් එකෙන් මිමිණුවේ වටේ පිටෙ ඉන්න වේඝර්ණලා දිහා බලන අතරේ....මුන්ගේ හැට පැන්න ආච්චිලාගෙත් කන් ඇහෙන බව අමතක කරන්න හොද නෑනේ !!!...

" අරවින්ද්....!! උබට පිස්සුද යකෝ අඩි දහයක් මෙපිට ඉදන් කෝල් කරන්න ? " ගවීෂ් කෙදිරුවේ ඌ ඉදපු හරියට අරවින්ද්ව හොදට පේන නිසා....

" කෑ ගහන්න එපා ඕයි... "

" හහ්...උබට අමතකද ... මට ඕන නැත්තන් මේ සද්දේ කාටවත් ඇහෙන්නෑ...."

" මොන රෙද්දක් හරි.... තමුසේ බහින්න පුස්තකාල ඩන්ජන් එකට.... සීල් තියපු හරියට මම එන්නම්.. "

" ඒ පාර මොකක්ද ?? "

" ආවම කියන්නං ඉස්සෙල්ල වරෙන් යකෝ... !! "

" එන්නෑ ඇයි ??? ""

" තමුසේ ආවේ නැත්තන් මම අරූව අදම යවනවා දැනගනින් !!...."

" ඉතින් යවපන්...උබ හිතුවේ මම මල් අරන් ගිහින් උට ෆෙයාවෙල් එක දෙන්න හිතන් ඉන්නවා කියලද.... අනේ මේ !!... මම දැන් පහළට බහිනවා..... විනාඩි පහකින් විතර වරෙන්...."  ගවීෂ් කිව්වේ ෆොන් එක කට් කරල සාක්කුවේ ඔබාගෙන.... එයාට අඩි ගානක දුරින් ඉදපු අරවින්ද්ට රවලම මිනිහා බන්ෂ් එකේ අභ්‍යන්තර ආශ්‍රමය පැත්තට ගියේ සැහෙන කල්පනාවකින්......... කෝමටත් ඊයේ නින්දක් නැතුව ඊට දහ ගුණයකින් විතර ඔලුව හොදටම බරයි......... හවස් වෙන්න ළං වෙලා උනත් තාමත් ඇතුළේ අධි රහසිගත සාකච්ජාව ඉවර වෙලා නැහැ..... විලේජ් එකම තවමත් නොසන්සුන්..........

- Plot 23 -Where stories live. Discover now