-16 -

6.1K 899 71
                                    

'' සුදු මාමේ මං එන්නද ? '' ගවීෂ් ඇහුවේ කන්නාඩි දෙකත් දාගෙන කාමරේට වෙලා පොතක් කියව කියව ඉදපු සුදු මාමාගෙන්.. උඩම තට්ටුවේ කෙළවරේම තිබ්බ සුදු මාමාගේ කාමරේ බිමට තිබ්බේ ලී පොළවක්.... පරණ ලොකු රවුම් ජනේලය ගාවම තිබ්බ ඇදට සම්පූර්ණ අහස පේන විදියට තිබ්බ නිසාම ගවීෂ් මේ කාමරේට කෙල හල හල ඉදියා කිව්වොත් වැරදි නැ....ගවීෂ්ට ඇතුළට එන්න කියලා ඔළුව වනපු මෙතුල කන්නාඩිය ගලවලා පොතත් වහලා පැත්තකින් තිබ්බේ මේ හාදයා මොකද මේ වැරදිලා උඩ තට්ටුවට නැග්ගේ කියලා හිතාගන්න බැරැව...

එයාට වචනයක්වත් නොකියපු ගවීෂ් ලොකු රවුම් ජනේලේ ගාවට ගිහින් ඒකේ ජනෙල් පඩිය උඩින් වාඩි වෙනවා මෙතුල බලාගෙන ඉදියා... ඒ තමයි මේ පැත්තටම තියන උසම තැන.. ආයේ මුළු විලේජ් එකේ දකුණු පැත්තම වගේ පේනවා සැහෙන ඈතකට වෙනකම්.... වේඝර්ණාරච්චි මැන්ෂන් එකේ කොටස් දෙකයි... අවුරුදු තුන් සීයකට විතර පරණ සැරින් සැරේට අලුත් වැඩියා කරපු මැන්ෂන් එකේ ලොකු වපසරියක තිබ්බ මාළිගාවක් කිව්වට වැරදිත් නැ... ගාඩ්න් එකේ සැහෙන්න දුරකට යනකං හොර , ගිරිතිල්ල ගස් පේළියයි...

'' මොකො පාඩම් කරලා ඉවරද දැන් ? '' මෙතුල ඇහුවේ එයාගේ මිනි ෆ්‍රිජ් එකෙන් සන්ක්‍රෂ් කෑන් එකක් අරගෙන ගවීෂ්ට දික් කරන ගමන්... පාඩම් ? හහ්.. සුදු මාමා අහනකං පාඩම් කරන්න ඕන කියලාවත් මතක් නොවුන ගවීෂ් ස්මයිල් ඉන් පේන් හිනාවක් දාලා කැන් එක අතට ගත්තේ කිසි කතාවක් නැතුව.... කැවද බිවද අහන්න එකෙක් නෑ... පාඩම් කළාද කියලා නං අහනවා..

'' යොවන්දි නං මේ ටිකේම වැඩ.. දෙක තුන වෙනවා එළියේ වින්ට හවුස් එකේ ලයිට්ස් ඕෆ් වෙද්දි.... '' මෙතුල කිව්වේ යොවන්දිට නිදහසේ පාඩම් කරන්නම මේ දවස්වල ගාඩ්න් එකේ වින්ට හවුස් එක යොවන්දිට දිලා තියන නිසා... ගවීෂ්ටත් ඔය තහනමක් නැ එහේ යන්න , ඒමයි කියලා පොර පාඩම් කරනවා නං බැරිය ඉතින්...

'' යොවන්දි ආස නං කරපුවාවේ ඉතින්..  හැමෝගෙම ආසාවල් එක වගේ නැනේ... නේහ් ?  '' ගවීෂ් කවදාවත් නැතුව සිරියස් පිට කතා කරනවා දැක්ක මෙතුල ඇස් බැම උඩ යවලා පැත්තේ පුටුවෙන් වාඩි වුනේ අද නං මොනාම හරි වෙලා තියෙනවා කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන...

- Plot 23 -Where stories live. Discover now