පෙරවදන

4K 613 125
                                    

ආදරය

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ආදරය.. හැමෝටම මේක හරිම ලස්සන වචනයක් වෙන්න ඇති.. ඒත් මට කවදාවත් එහෙම වුනේ නැහැ.. මේ වන්ග් යීබෝ කියලා කියන්නේ ආදරය කියන අකුරු හතරේ තේරුම මොකක්ද කියලාවත් දන්නෙ නැති මාෆියා කාරයෙක් විතරයි.. මුලු ලෝකෙටම මං හැඟීම් දැනීම් නැති මිනීමරුවෙක්.. අපරාදකාරයෙක්..

මට ඇඟිල්ල දික් කරපු එකෙක්වත් එක වතාවක්වත් නිකමට හරි හිතුවාද ඇයි මූට මෙහෙම වුනේ කියලා.. නෑ.. කාටවත් ඒ ගැන හිතන්න ඕන වුනේ නැහැ.. තේරෙන දවසේ ඉඳන් හැමෝගෙන්ම ආදරේ හොයලා හෙම්බත් වෙලා ඉඳපු මම ඇත්ත ආදරේ ඉස්සරහා අන්ධයෙක් වුණා.. මගේ ඇස් ඉස්සරහා තිබුණ ඒ ඇත්ත පිළිගන්න බැරි තරමට අන්ධයෙක් වුණා.. මටත් නොදැනීම මගේ හිතේ තිබුණ ආදරේ පරද්දගෙන වෛරය උඩට එද්දී එදා මට පණ වගේ ආදරය කරපු ඒ අහිංසකයාගේ ජීවිතේ මං අපායක් කරලා දැම්මා..

ඔව්.. මං පසුතැවෙනවා.. එකපාරක් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් මම මගේ හිතින් පසුතැවෙනවා.. ඒ වුනත් මගෙන් උන වැරදි හදාගන්න දැන් මං පරක්කු වැඩියි.. මගේ හිත මගේ ආදරේ හොරකම් කරපු ඔයා ආපහු ඇස් ඇරලා මේ ලෝකෙ දිහා බලද්දී මම සදහටම ඇස් පියාගෙන තියේවි..

ආපහු කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්න මට බැරි වුනත් මං හැමදාම මතකයක් වෙලා ඔයාත් එක්ක ජීවත් වෙයි ෂියාඕ ජාන්.. මගේ ZhanZhan..

'මම ඔයාට ආදරෙයි..' අද වෙනකන් වචනෙන් ඔයා ඉස්සරහා නොකියපු මගේ හිතයි මේ ඩයරි විතරයි දැනගෙන ඉඳපු මේ ඇත්ත කියලා මං යන්නම යන්නම්...................

' අද වෙනකන් වචනෙන් ඔයා ඉස්සරහා නොකියපු මගේ හිතයි මේ ඩයරි විතරයි දැනගෙන ඉඳපු මේ ඇත්ත කියලා මං යන්නම යන්නම්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

වෛරය.. මම මේ වචනෙටත් වෛර කරපු කාලයක් තිබුණා.. ඒත් අද මම ඒ වචනෙට ආදරේ කරනවා.. අයියලා හතර දෙනෙක්ගෙ ආදරේට මැදි වෙලා අහිංසක හුරතල් ජීවිතයක් ගෙවපු මේ ෂියාඕ ජාන් හිතක් පපුවක් නැති මිනීමරුවෙක් වුනේ මං පණ වගේ ආදරේ කරපු කෙනා නිසා කියලා මම මේ ලෝකෙට කෑගහලා කිව්වොත් උන් එකෙක්වත් ඒක පිළිගනියි ද..?

ඉපදුන දවසෙ ඉඳන් හැමෝගෙම ආදරේ ලැබුන මගේ හිත ගිහින් නතර වුනේ ⁣ලේසියෙන් කෙනෙක් ලං වෙන්න හිතන්නෙවත් නැති හිතක් ළඟ.. ඒ නපුරුකම ඉස්සරහා ඒ ආඩම්බරකාර හිත යට හැංගිලා තිබුණ ආදරේ ඉස්සරහා මං බොළඳ වුණා.. ආදරය කියන අකුරු හතර ඒ කටින් අහගන්න මං අඬපු තරම් දන්නෙ මාත් මගේ හිතත් විතරයි.. ඒත් මගේ කඳුලු ඉස්සරහාවත් ආදරේ ඉස්සරහාවත් ඒ හිත පොඩ්ඩක්වත් උණු වුනේ නැහැ..

මං ඉවසුවා.. මගේ ආදරේ වෙනුවෙන්.. හැම දුකක්ම හැම වේදනාවක්ම මං තනියම දරාගත්තා.. ඒත් මං හීනෙකින්වත් හිතපු නැති විදිහට මගේ හිතේ තිබුණ ආදරේ වෛරයට පෙරලෙන දවසක් ආවා..

'මම ඔයාට වෛර කරනවා..' ඔව්.. මං ඔයාට වෛර කරනවා වන්ග් යීබෝ.. මගේ ජීවිත කාලෙටම මට මේතරමට රිදවපු එකම කෙනා ඔයා නිසා මම මගේ අවසන් හුස්ම වෙනකන්ම ඔයාට වෛර කරනවා...

______________________________________

කතාව කොහොම වෙයි කියලාහිතන්නේ..?

Vote & Comment ❤️

Brothers vs Lover (Yizhan)✔️Où les histoires vivent. Découvrez maintenant