47📖️

1.8K 438 92
                                    

______________________________________

"..All I want to do right now is cry and scream and let it all out because it's killing me inside.. Plz take this pain away from me.."
______________________________________

No One P.O.V.

තමන් කළ යුත්තේ කුමක්ද සිතිය යුත්තේ කුමක් යන්න පිළිබඳ කිසිඳු අදහසක් නොමැතිවම Zhan රෝහලෙන් පිටතට ඇවිද යන්නට වුණා.. අවුරුදු විස්සක ඔහුගේ ජීවිතයට දිනෙන් දින සිදු වන මේ සියල්ලක්ම තනිව දරා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.. තම සොහොයුරන් මෙන්ම පියා ද තමාගෙන් මේ සෑම දෙයක්ම සැඟවූ බව සිහිපත් වන වාරයක් වාරයක් පාසා Zhan ගේ සිත වේදනාවෙන් රිදුම් දෙන්නට වුණා..

'ඇයි එයාලා හැමෝම මගෙන් මේ දේවල් හැංගුවේ.. කලින් එයාලා කවුරුමහරි මට මේ ගැන කියලා තිබුණා  නම් මං කවදාවත්........... මම දැන් මොකක්ද කරන්න ඕන.. එතකොට Yibo.. මං.. මං කොහොමද එයාට මේ දේවල් ගැන කියන්නේ.. ඇයි මම මේ තරම්ම අවසනාවන්ත වුනේ.. මේ වෙලාවේ මං සතුටු වෙන්න ද එහෙමත් නැත්නම් දුක් වෙන්න ද ඕන කියලාවත් මට හිතාගන්න බැහැ' සිතින් එසේ සිතමින් Zhan ඉදිරියට ඇවිද ගියාත් එක්වරම තම නම  ඇසුනු සැනින් සිට තැනම නතර වුනේ ඒ දෙස හැරී බලන අතරතුරේ..

"Zhan.." සිනාසී Zhan අසලට දිව ආ Ju Jingyi ඔහුගේ අතින් අල්ලගත්තා..

"YiYi.. ඔයා මොකද මෙහේ..?" මවාගත් සිනහවකින් ඇය දෙස බැලූ Zhan විමසුවා.. Ju Jingyi හා කාලය ගත කිරීමට Zhan කැමැත්ත දැක්වුවත් මේ මොහොතේ ඔහු ඒ සඳහා සුදුසු මානසික මට්ටමේ පසු වුනේ නැහැ..

"ආ මගේ යාලුවෙක් hospital ඉන්නවා.. මං එයාව බලන්න ආවා.."

"හ්ම්.."

"ඒක නෙමෙයි ඔයා මොකද මෙහේ.. කෝ කාත් එක්කද ආවේ.. තනියම කියලා නම් කියන්න එපා.. ඔයා මෙහේ කවුරුත් හරියට අඳුරන්නෙත් නැහැනේ.." ඇය විමසුවේ වටපිට බලමින්..

"නෑ Yibo ත් එක්ක ආවේ.. ඒත් එයාට කෝල් එකක් ඇවිත් යන්න වුණා.. driver යි bodyguards ලායි ඉන්නවා.. මට එයාලාත් එක්ක යන්න පුලුවන්.." Zhan පිළිතුරු දුන්නා..

"Zhan.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද..? ඔයාගෙ ඇස් දෙකත් රතු වෙලා.." එසේ පැවසූ Ju Jingyi , Zhan ගේ කම්මුලට අත තැබීමට සූදානම් වුවත් Zhan ඉක්මනින් පියවරක් පසු පසට ගත්තේ ඇයට ඒ ⁣සඳහා ඉඩක් ලබා නොදෙමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now