91📖️

1.7K 400 87
                                    

______________________________________

"..I love you more than my own life.."
______________________________________

Wang Yibo P.O.V.

Lub-Dub

Lub-Dub

Lub-Dub

ඒ හඬ තමයි හැමදාම මට මං ජීවත් වෙනවා කියලා මතක් කරලා දුන්නෙ..

මගේ හදවත ගැහුණා.. ඒත් ඒ කවුරු වෙනුවෙන් ද කියලා මං අද වෙනකන් හරියටම දැනගෙන ඉඳියේ නැහැ..

Xiao Zhan... මගේ ZhanZhan..

අද මං දන්නවා ඒ ඔයා වෙනුවෙන් කියලා.. මුල ඉඳන්ම ඒ ඔයා වෙනුවෙන්ම විතරයි කියලා..

එදා වගේම මේ හදවත හැමදාම ගැහේවි මගේ ZhanZhan.. ඒත් ඒකෙ අයිතිකාරයා විතරක් වෙනස් වෙයි..

අමතක කරන්න එපා මං හැමදාම ඔයාත් එක්ක ජීවත් වෙනවා කියන එක.. ඔයා ළඟින්ම.. මේ හදවත ගැහෙනකන් මං ඔයාත් එක්ක ජීවත් වෙයි..

ඔයාත් එක්ක අපි දෙන්නාම මේ ලෝකෙ ජීවත් වෙයි Zhan.. මගේ ආදරේ ඔයාව ජීවත් කරයි..

ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ ඒක විතරයි..

"ඩොක්ටර්.. මගේ heart එක Zhan ට දෙන්න.." මං කිව්වේ අත්මිට මොලවාගෙන ඩොක්ටර් ගෙ ඇස් දිහා කෙලින් බලන ගමන්..

ඔව්.. මේක තමයි මගේ අන්තිම තීරණේ..

මං ගොඩක් පව් කරපු මිනිහෙක් Zhan.. ඔයාගෙන් සමාව ඉල්ලන්නවාත් මම සුදුසු නැහැ.. මම දන්නවා ඔයා මට කවදාවත් සමාව දෙන එකක් නම් නැහැ කියලා.. ඒ වුනත් ඔයා නැති ලෝකෙක මැරි මැරී ජීවත් වෙනවාට වඩා මං මේ දැන් ගන්න යන තීරණේ මට සැනසීමක්..

ඔයා මට කිව්වානෙ ආපහු කවදාවත් ඔයාගෙ ඇස් ඉස්සරහට එන්න එපා කියලා ඒ නිසා මං යන්නම්.. මගේ ජීවිතේ ඔයාට දීලා මම යන්නම යන්නම්.. ඒත් යන්න කලින් එකම එක වතාවක් මට ඔයාව බලන්න ඉඩ දෙන්න..

මං නෑ කියලා ඔයාටවත් Anna ට වත් Bo ටවත් Zan ටවත් කිසිම අඩුවක් වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ.. ඔයායි මායි ජීවත් වුන ලෝකෙට එයාලාව ඇදලා ගන්න මං කාටවත්ම ඉඩ දෙන්නෙත් නැහැ..

ඒ නිසා මෙහෙන් ඈතට ගිහින් ගොඩක් ඈතට ගිහින් ඔයාලා අලුතින් ජීවිතයක් පටන්ගන්න..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now