85📖️

1.8K 398 51
                                    

______________________________________

"..I wish that time will stop just to give us more time to stay like this.."
______________________________________

No One P.O.V.

Yibo's house..

ඒ වනවිට රාත්‍රී 10 පමණ වී තිබූ අතර මුලු පරිසරයම අන්ධකාරයෙන් වෙලාගෙන තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වනවිට රාත්‍රී 10 පමණ වී තිබූ අතර මුලු පරිසරයම අන්ධකාරයෙන් වෙලාගෙන තිබුණා.. නිවස තුළ වූ විදුලි පහන් වල ආලෝකය හැරුණු විට වෙනත් කිසිදු එලියක් වටපිටාවේ දක්නට ලැබුණේ නැහැ.. නිවසින් පිටතට පැමිණි Yibo එහි වූ සෝපා එකක් මත වාඩි වුනේ  තම අතෙහි වූ විස්කි වීදුරුව දෙතොලතරට ලං කරමින්..

"නිදාගන්නෙ නැද්ද..?" එතනට පැමිණි Zhan විමසුවේ සෝපා එකේ අනෙක් පසින් Yibo ට මුහුණලා වාඩි වෙන අතරතුරේ..

නමුදු ඔහුගේ පැනයට පිළිතුරක් ලබා නොදුන් Yibo ඇහිපිය නොහෙලා විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටින්නට වුණා..

Zhan හැඳ සිටි සුදු පැහැති දුහුල් අත්දිග ෂර්ට් එක සහ කලුපැහැති boxer short එක ඔහුගේ සිරුරට ගෙන ආවේ Yibo කෙදිනකවත් Zhan ගෙන් දැක නොතිබුණු සෙක්සි ලුක් එකක්.. නෑමෙන් පසු තවමත් තරමක් තෙත්ව පැවති කොණ්ඩය ද ඔහුගේ සුන්දරත්වය තව තවත් වැඩි කරන්නට වූවා..

ඔහු හැඳ සිටි ෂර්ට් එකේ ඉහළ කෙලවරේ බොත්තම් කිහිපයක් විවර ව තිබූ අතර ඉන් දක්නට ලැබුණ Zhan ගේ නිකැලැල් පපුව සහ කකුලක් පිට කකුලක් දමාගෙන සිටි Zhan ගේ නිරුවත් දෙපා දෙස ද මද වේලාවක් බලා සිටි Yibo තම දෙතොල් දිවෙන් තෙත් කරේ ඔහුටත් නොදැනීමයි..

"Yibo...??" Yibo තමා දෙස බලා සිටින හේතුව හොඳින්ම වැටහුනාත් එය නොවැටහුන ලෙස Zhan ඔහුගේ නම තරමක් උස්හඬින් පැවසුවා..

"අ.. ආහ්..?" නැවතත් පියවි සිහියට පැමිණි Yibo Zhan ගේ දෑස් මගහැර ඉවත බලන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now