61📖️

1.8K 424 94
                                    

______________________________________

"..I am sorry.. I make mistakes but I love you so much and I don't want lose you.."
______________________________________

No One P.O.V.

Xiao Zhan's apartment

Yibo පිටව ගොස් පැය බාගයක් පමණ ගත වූ අතර නැවතත් ළමුන්ගෙ කාමරය වෙත ගිය Zhan ඒ වනවිට නින්දෙ පසු වූ Anna Bo සහ Zan තිදෙනාගේම නළලවල් සිපගත්තේ තම දෑසෙහි කඳුලු පුරවා ගනිමින්..

'I am so sorry my munchkins.. තව ටික දවසක් ඉවසන්න.. මේ හැමදෙයක්ම ඉවර වුනාට පස්සේ ඔයාට ඔයාගෙ Daddy ළඟට යන්න පුලුවන් වෙයි.. මට ඔයාලාගෙන් ඔයාලාගෙ අයිතිය උදුරගන්න ඕන නැහැ.. ඒ වුනාත් මට බැහැ ආපහු කවදාවත් ඔයාලාගෙ Daddy ළඟට යන්න.. එ...' Zhan තම ළමුන් දෙස බලමින් තනිව එසේ සිතන්නට වූවත් ඒත් සමඟම වාගේ නැවතත් කවුරුන් හෝ apartment එකේ bell එක වාදනය කරන්නට වුණා..

"ඒපාර කවුද..?" තමාටම එසේ මිමිනූ Zhan කාමරයෙන් පිටතට ඇවිද ගියේ දොර විවර කිරීම සඳහා..

දොර විවර වූ සැනින් Zhan ට හුස්මක් ගැනීමටවත් ඉඩක් නොතබා ඔහුව ශක්තිමත් දෑතක් අතර සිරවන්නට වූවා.. Sandalwood scent.. perfume එකේ සුවඳ දැනුන සැනින්ම ඔහු කවුරුන් දැයි හඳුනා ගැනීමට Zhan ට අපහසු වුනේ නැහැ..

"මාව අතාරින්න.." Zhan ඔහුගෙන් මිදීමට උත්සාහ දැරුවාත් එවිට ඔහු තව තවත් Zhan ව තමා වෙත තුරුලු කරගත්තේ ගැලවී යාමට ඉඩක් ලබා නොදෙමින්..

"ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න.." අවසානයේ ඔහු තම හඬ අවදි කලා..

"Yibo.. ඔයාට මේක සෙල්ලමක් වුනාට මට එහෙම නෑ.. වටේ පිටේ මිනිස්සු බලාගෙන ඉන්නවා.." කවුරුත් බලා නොසිටියාත් Zhan එසේ පැවසුවේ Yibo ගෙන් මිදීමට අවශ්‍ය වූ නිසාවෙන්..

කිසිවක් නොපැවසූ Yibo Zhan වත් තල්ලු කරගෙනම නිවස තුළට පැමිණියේ තම පයින් ගසා දොර වසා දමන අතරතුරේ..

"දැන් කාටවත් පේන්නෙ නෑ.." යැයි පැවසූ Yibo තම හිස Zhan ගේ ගෙල මත තැබුවේ දෑස් පියා ගනිමින්..

යමෙකු කතා කරන හඬ ඇසී Granny පිටතට පැමිණියාත් Yibo , Zhan ව වැළඳගෙන සිටින අයුරු දුටු සැනින් හිස දෙපසට සොලවා සිනාසුන ඇය නැවතත් තම කාමරය වෙත හැරී යන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin