32📖️

1.5K 389 73
                                    

______________________________________

"..Don't trust too much, Don't love too much and don't hope too much.. bcuz that too much can hurt you so much.."
______________________________________

No One P.O.V.

Next day morning
Wang Mansion

පෙරදා රාත්‍රියේ සිටම Yibo Zhan හා කොතරම් සම්බන්ධ වීමට උත්සාහ දැරුවාත් ඔහු ඒ කිසිදු ඇමතුමකටවත් ප්‍රතිචාර දැක්වූයේ නැහැ.. අවසානයේ ඉන් කෝපයට පත් Yibo තම කාමරයෙහි වූ අතට අසුවෙන සියල්ලක්ම පොලවේ ගසන්නට වුණා.. කෙලින් සිටීමට බැරි වන තෙක්ම බීමත් වූ ඔහු අවසානයේ නින්දට වැටෙන විට උදෑසන තුනත් පසු වී තිබුණා..

"ආයෙත් පටන්ගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආයෙත් පටන්ගෙන.." Office යාමට සූදානම් වී කෑම මේසයෙන් වාඩි වූ Ziteng Carman දෙස බලමින් පැවසුවේ Yibo ගේ කාමරය දෙසින් ඇසෙන්නට වූ හඬවල් වලට සවන් දෙන අතරතුරේ..

"ඊයේ රෑ තිස්සෙම කාමරේ තියෙන ඔක්කොම පොලවේ ගැහුවානේ.. දැන් උදෙත් පටන්ගෙන.. මට නම් සැකයි ඇඳවත් ඉතුරුවෙලා තියෙද කියලා මේ වෙද්දී.." තම මුවගට සිනහවක් නංවාගත් Zitengනැවතත් පැවසුවේ Carman තම සිනහව නවත්වා ගැනීමට උත්සාහ කරමින් ඔහුගේ අතට ගසද්දී..

"මං ගිහින් බලලා එන්නම්.." Kuan , Yibo ගේ කාමරය වෙත යාමට සැරසුනාත් Carman ඔහුට ඒ සඳහා ඉඩක් ලබා දුන්නෙ නැහැ..

"එපා.. Kuan ඔයා හොඳටම දන්නවා නේ Yibo ගැන.. ඔයා දැන් ගිහින් එයාව නවත්තන්න හැදුවොත් එයාට තවත් කේන්ති යාවි.. එහෙම වුනොත් මේ ගෙදර තියෙන එක බඩුවක්වත් ඉතුරු වෙන එකක් නෑ.. එයාටම ඇති වෙලා නවත්තනකම් ඔහොම ඉන්න දෙන්න.." Carman බැරෑරුම් ලෙසින් පැවසුවාත් එහි ගැබ්ව ඇති හාස්‍ය සහගත බව වටහා ගැනීමට Ziteng ට Kuan ට අපහසු වුනේ නැහැ..

" *chuckle* ඒක නම් ඇත්ත.. Zhan තාම calls වලට answer කරන්නෙ නැතුව ඇති.. ඒ නිසායි ඔය කේන්තියෙන් ඉන්නේ.." Kuan සිනාසී පැවසුවේ තම පිඟානට කෑම බෙදා ගන්නා ගමන්.. ඒත් සමඟම කවුරුන් හෝ පඩිපෙල බැස එන හඬ ඇසුන ඔවුන් ඒ දෙස හැරී බලන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now