69📖️

1.5K 376 28
                                    

______________________________________

"..Nothing hurts more than seeing the person you love with someone else.."
______________________________________

No One P.O.V.

Next day, Cafe

උදෑසනම cafe එකට ගිය Zhan Chuyue සමඟ සුපුරුදු පරිදි cafe එකේ කටයුතු කරගෙන යන්නට වුණා.. Zhan ගේ Chuyue ගේ මෙන්ම එහි සේවය කරන අනෙක් සේවක සේවිකාවන්ගේ ද ප්‍රියමනාප බව සහ කඩිසර බව නිසා cafe එකට පැමිණෙන costumers ලා දිනෙන් දින වැඩි වූවා මිසක් අඩු වූයේ නම් නැහැ..

එක් වරම මේසයක් පිසදමමින් සිටි Zhan තම පපුව අල්ලාගත්තේ වේගයෙන් හුස්ම ගනිමින්..

"Zhan.. Zhan.. ඔයා හොඳින් ද..?" කලබලයෙන් Zhan අසලට පැමිණි Chuyue විමසුවේ Zhan ගේ අතකින් අල්ලා ගන්නා අතරතුරේ..

මද වේලාවක් දෑස් පියාගෙන වේදනාව අඩු වෙන තෙක් සිටි Zhan නැවතත් දෑස් විවර කර මවාගත් සිනහවකින් Chuyue දෙස බලන්නට වුණා..

"මම හොඳින් Chuyue .. don't worry.."

"මට නම් පේන්නෙ නෑ ඔයා හොඳින් ඉන්නවා කියලා.. කෝ එන්න ඔයා ගිහින් rest කරන්න.. මෙතන වැඩ අනිත් අය බලා ගනීවි.."

"Chuyue.. මම කිව්වානෙ.. ම......" zhan යමක් පැවසීමට ගියාත් එක්වරම එතනට පැමිණි Yibo Chuyue ගේ අතින් Zhan ගේ අත මුදාගත්තෙ Zhan ව තමා දෙසට හරවා ගනිමින්..

"Are you ok..? මොකක්ද වුනේ.. ඔයාට හොඳටම දාඩියාත් දාලා.." Zhan ගේ කම්මුලක් මත තම එක් අතක් තබා අනෙක් අතින් ඔහුගේ නළල මත වූ දාඩිය බිඳිති පිසදමන ගමන් Yibo ප්‍රශ්න කලා..

"මුකුත් නෑ.. ඔයා මොකක්ද මෙහේ කරන්නෙ.." Yibo ව දැකීමෙන් Zhan පුදුමයට පත් වුනාත් ඒ බව නොපෙන්වා සිටීමට ඔහු උත්සාහ දැරුවා..

"Zhan.. කවුද මේ..?" Yibo දෙසත් Zhan දෙසත් මාරුවෙන් මාරුවට බැලූ Chuyue විමසුවේ තරමක් නොරිස්සුම් සහගත ලෙසින්..

"මම කවුද කියන එක තමුන්ට අදාල නෑනේ.." Yibo Chuyue දෙස රවා බලමින් පවසන්නට වුණා..

"Yibo..." Zhan Yibo වෙත හෙලුවේ තරවටු කරන බැල්මක්..

"Chuyue මගේ යාලුවා.. ඔයාට කිසිම අයිතියක් නෑ එයාට එහෙම කතා කරන්න.."

"Y..Yibo..?? මේ.. මේ ඔයාගෙ ex husband ද..?" විසල් වූ දෙනෙතින් Yibo දෙස බැලූ Chuyue Zhan ගෙන් විමසුවා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now