21📖️

1.7K 437 125
                                    

______________________________________

"..At some point love turns into hate.."
______________________________________

No One P.O.V.

Wang Mansion
8.50 p.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Mom

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Mom.. ඇයි ඔයා මෙහෙම මුරණ්ඩු වෙන්නෙ.. ප්ලීස්.. දැන්වත් පහළට ඇවිත් dinner ගන්න.." තමාට පිටුපා වාඩි වී සිටි තම මව අසලට පැමිණි Yibo පැවසුවේ තරමක වේදනාවෙන්..

"මං එකපාරක් කිව්වානේ මට ඕන නැහැ කියලා.." Yibo දෙස බැල්මක්වත් නොහෙලූ Carman පිළිතුරු දුන්නා..

"ප්ලීස් Mom..." Yibo කොතරම් බැගෑපත් වුනත් Carman ඔහුට සවන් දුන්නෙ නැහැ..

"හරි එහෙනම්.. ඔයා කන්නෙ නැත්නම් මං කන්නෙත් නැහැ.. අම්මා හිතනවා නම් මෙහෙම කරාම මගේ හිත වෙනස් වේවි කියලා ඔයාට වැරදිලා.. කවුරු කොහොම මොනවා කිව්වාත් මම Zhan ව මැරි කරනවා.. ඒක නවත්තන්න කාටවත්ම බැහැ.." එසේ පැවසූ Yibo එතනින් පිටව යාමට සැරසුනාත් Carman ගේ මුවින් ඊළඟ මොහොතේ පිට වූ වදන් ඔහුව සිටි තැනම නතර කළා..

"ඔයාට ඕන Darren ගෙන් පලිගන්න.. මං හරිනේ.. ඔයා Zhan ව මැරි කරන්න හදන්නේ එයාට ආදරේ නිසා නෙමෙයි.. Darren ගෙන් පලිගන්න ඕන නිසා.." තමා වාඩි වී සිටි තැනින් නැගිට්ට Carman , Yibo අසලට ඇවිද එන්නට වුණා..

" *chuckle* Mom.. ඔයා දන්නවා ද මම ඔයාට මේතරම් ආදරේ කරන්නෙ ඇයි කියලා.. ඒ මේ ලෝකෙ කාටත්ම වැඩිය හොඳට මාව තේරුම්ගන්න පුලුවන් එකම කෙනා ඔයා නිසා.. ඔව්.. සමහරවිට මම Zhan ට ආදරේ කරන්නෙ නැතුව ඇති.. ඒත් එයාව දැකපු පළවෙනි තත්පරේම මම තීරණය කරා එයා මගේ කියලා.. එයා මගේම විතරයි.. එයාව මගෙන් ඈත් කරන්න මම කාටවත්ම ඉඩ තියන්නෙ නැහැ.. එයාව රිද්දන්න , අඬවන්න වගේම සනසවන්න අයිතිය තියෙන්නෙත් මේ මට විතරමයි.. මගේ අතින් එදා Zhan ට වුන වරද ගැන මම අදටත් පසුතැවෙනවා.. එයාට එහෙම දෙයක් කරන්න මගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ.. ඒත් කවුද හිතුවේ එදා රෑ වුන දේවල් මගේ plan එක මට තවත් ලේසි කරාවි කියලා.. එදා Zhan ගේ කඳුලු දකිද්දී Darren ගේ ඇස් වල තිබුණ වේදනාව... ඒක මට තාම හොඳට මතකයි.. ඒ වෙලාවේ තමයි මං තේරුම්ගත්තෙ Darren ට රිද්දන්න පුලුවන් ලේසිම ක්‍රමය Zhan ට රිද්දන්න එක කියලා.. Zhan අඬන දිහා බලාගෙන Darren විඳවන හැටි දකින්නයි මට ඕන.. අවුරුදු තුනක් තිස්සේ මම විඳපු වේදනාව ඒ විදිහටම එයාටත් දෙන්නයි මට ඕන.." Yibo සිනාසෙමින් පැවසුවාත් ඔහුගේ දෑස් වල ගැබ්ව ඇති කෝපය වටහා ගැනීමට Carman ට අපහසු වුනේ නැහැ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now