66📖️

1.6K 375 26
                                    

______________________________________

"..Some people are best left in the past along with your mistakes and regrets.."
______________________________________

No One P.O.V.

Jiyang ගේ කරදරයෙන් බේරීමට බැරිම තැන Haoxuan ඔහු සමඟ රෝහල අසල වූ cafe එකකට පැමිණියේ තරමක් අකමැත්තෙන්.. ඔවුන් cafe එක ඇතුළට යාමට සූදානම් වනවාත් සමඟම එහි දොර විවර වූ අතර ඉන් පිටතට පැමිණි Ziyi ව දුටු Xuan ඇය දෙස විස්මයෙන් බලන්නට වූවා..

"Ziyi.." Xuan කතා කළත් ඔහුව දුටු Ziyi ඉක්මනින් එතනින් පිටව යාමට තැත් කළා.. නමුත් ඇයට පෙර ඉක්මන් වූ Xuan ඇගේ අතින් අල්ලා ඇයව නතර කළේ ඇය පිටව යාම වළක්වමින්..

"Wang Haoxuan.. What is your fucking problem hah..? Let me go you bastard.." Ziyi කෝපයෙන් Xuan ගේ ග්‍රහනයෙන් තම අත මුදවා ගැනීමට උත්සාහ දැරුවේ Jiyang පසෙකට වී තම අත් බැඳගෙන මේ සියල්ලක් දෙසම බලා සිටියදී..

"Ziyi ප්ලීස් එකපාරක් මං කියන දේ අහන්න.. අඩුම තරමේ මට ඔයාගෙන් සමාව ඉල්ලන්වත් චාන්ස් එකක් දෙන්න බැරි ඇයි ඔයාට..?"

"මට තවත් තමුන් එක්ක කතා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ Xuan.. තමුන්ට එදා මගේ ආදරේ සෙල්ලමක් වුනාට මට එහෙම නෑ.. කෙල්ලොන්ගෙ ජීවිත සෙල්ලමට අරන් පස්සෙ සමාව ඉල්ලන එක දැන් තමුන්ට පුරුද්දට ගිහින්.. මං මේ තමුන්ට කියන්නෙ අන්තිම වතාවට.. මගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්නවා.. එහෙම නැති වුනොත්........." යැයි පැවසූ Ziyi තම අත බලෙන්ම Xuan ගෙන් ග්‍රහනයෙන් මුදාගෙන එතනින් පිටව ගියේ Xuan සුසුමක් හෙලද්දී..

"Ex-girlfriend..?" Ziyi පිටව ගිය පසු Xuan අසලට පැමිණ Jiyang ප්‍රශ්න කලේ තම ඇහිබැමක් ඉහළට ඔසවමින්..

"හ්ම්.."කෙටියෙන් එසේ පැවසූ Xuan cafe එක තුළට ගොස් හිස් මේසයකින් වාඩි වී menu එක පිරික්සන්නට වුණා..

තත්පර කිහිපයකට පසු Xuan ට තමා ඉදිරියේ ඇති අසුන සෙලවෙනු දැනුණාත් ඔහු හිස ඔසවා ඒ දෙස නොබැලුවේ ඒ කවුරුන් දැයි කියා ඔහු නිසැකවම දැන සිටි නිසාවෙන්..

"You know.. හැමදෙයක්ම හිතේ තියන් ඉන්නවාට වඩා ඒ ගැන කාත් එක්කහරි කතා කරාම හිත නිදහස් කරගන්න පුලුවන්.." Jiyang සාමාන්‍ය අයුරින් පැවසුවේ තම ඇඟිල්ලකින් ඔවුන් වාඩි වී සිටි මේසයට තට්ටු කරන අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now