78📖️

1.5K 368 13
                                    

______________________________________

"..I would take a bullet for you cuz i love you more than my own life.."
______________________________________

No One P.O.V.

කලබලයෙන් banquet hall එකෙන් පිටතට දිව ගිය Zhan elevator එක අසලට ගියාත් එය පහලට පැමිණිමට තවත් විනාඩියක් පමණ ගත වන බව දක්නට ලැබුණා..

ගත වන හැම තත්පරයක්ම තම පුතුගේ දිවිය අනතුරේ හෙලන බව සිහිපත් වූ ඔහු පඩිපෙල දිගේ ඉහලට දිව යන්නට වුනේ තම පපුවෙන් දැනෙන්නට වූ වේදනාව පිළිබඳ ද නොතකමින්..

අවසානයේ විනාඩි හතරයි තත්පර තිහකට පසු 1005 රූම් එක ඉදිරිපිටට පැමිණි Zhan එහි දොර විවර කිරීමට හදනවාත් සමඟම Yibo ඔහුගේ අතින් අල්ලා ඔහුව නතර කරා..

"Yibo.. Yibo Zan.. එයාලා Zan ව..." Zhan බියෙන් ඇස් වල කඳුලු පුරවන් පැවසීමට ගියාත් Yibo ඔහුගේ මුව තම අතින් වැසුවේ ඔහුට තවත් කිසිවක් පැවසීමට නොහැකි වන ලෙසින්..

"ෂ්.. සද්ද කරන්න එපා.. Zan හොඳින් ඉන්නවා.. එයාට මුකුත් වුනේ නෑ.. Zan Bo Anna තුන්දෙනාම ⁣Xiao Mansion එකේ ඉන්නෙ.. මම Jun ට කෝල් කරා.. බය නැතුව ඉන්න.." Yibo Zhan ගේ කනට ලංව රහසින් පැවසුවා..

නමුත් Yibo ගේ වදන් පිලිගැනීමට අකමැති වූ Zhan තම හිස දෙපසට සොලවන්නට වුණා..

"මට එයාලාව බලන්න ඕන.. මේ දැන්ම.. Yibo එයාලා හොඳින් නේද.. එයාලාට කරදරයක් වෙන එකක් නෑ නේද.." Yibo ගේ අත ඉවත් කල Zhan නැවතත් විමසූ අතර තම නළල Zhan ගේ නළල මත තබාගත් Yibo ඔහුගේ කම්මුල් තම අත් වලින් අල්ලගත්තා..

"Xiao Zhan.. believe me.. මම ජීවත් වෙලා ඉන්නකන් ඔයාටත් ළමයින්ටවත් හීරීමක්වත් වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ.. ඒ තුන්දෙනාම හොඳින් ඉන්නවා.. මේක උගුලක්.. උන්ට ඕන වුනේ ඔයාව අල්ලගන්න.. අනිත් එක මගේ උන් Xiao Mansion එක වටේම ඉන්නවා.. කාටවත් බෑ උන්ගෙන් බේරිලා ළමයින්ට අතක්වත් තියන්න.." Yibo එසේ පැවසූ විට තරමක් සන්සුන් වූ Zhan ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙන්..

"උගුලක්..?"

"හ්ම්.. ඔව්.. ඔයා දැන් මෙතනින් යන්න.. අනිත් හැමදෙයක්ම මං බලාගන්නම්.." යැයි පැවසූ Yibo රූම් එක ඇතුලට යාමට හැදුවාත් Zhan ඔහුට පෙර ඉක්මන් වුණා..

"I will kill them.. මගේ ළමයින්ට අත තියන්න හිතන්න තරම් උන්ට කොහෙන් ආපු හයියක් ද.." යැයි කෝපයෙන්  පැවසූ Zhan රූම් එකේ දොර විවර කරගෙන ඇතුලට ගියේ Yibo ට ඔහුව නතර කිරීමටවත් ඉඩක් නොතබමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now