92📖️

1.9K 385 59
                                    

______________________________________

"..It was a hard decision but I know it is the right one.."
______________________________________

Wang Yibo P.O.V.

Zhan ගේ හොස්පිට්ල් රූම් එකේ දොරට හේත්තු වෙලා අඬපු මම විනාඩි කිහිපයකට පස්සෙ ඇස් වල කඳුලු පිහිදාගෙන එතනින් යන්න ගියේ Zhan කෑගහලා අඬඅඬා මට ඇතුළට එන්න කියලා කතා කරනවා අහගෙන ඉන්න බැරි වුන නිසා..

මං දන්නවා මම එතන තව වෙලා ඉඳියොත් අනිවාර්යයෙන්ම ආපහු Zhan ළඟට යනවා කියලා.. ඒත් මේ වෙලාවේ මට දුර්වල වෙන්න බැහැ..

මේක තමයි මගේ වගකීම.. මම එයාව මැරි කරේ එයාගෙ ජීවිතේ වගකීම බාරගෙන.. ඒ නිසා ම⁣ට මේ දේ කරන්නම වෙනවා.. Zhan වෙනුවෙන්.. අපේ ළමයි වෙනුවෙන්..

"Daddy.." ඒත් එක්කම වගේ මට ඇහුණා Anna මට කතා කරනවා..

ඔලුව උස්සලා ඒ දිහා බලනවාත් එක්කම Anna යි Zan නුයි දුවලා ඇවිත් මගේ කකුල් දෙක අල්ල ගත්තා..

"Daddy.. Papa ට අපිව දාලා යන්න ද හදන්නෙ..?" Anna ඇහුවේ ඉකි ගගහා අඬන ගමන්..

Anna ගේ වචන මගේ හදවත පාරගෙන ⁣ගියා.. මං කොහොමද එයාලා මෙහෙම අඬනවා බලන් ඉන්නෙ..

"Papa ඔයාලාව දාලා කොහෙවත් යන්නෙ නෑ.. එයා හැමදාමත් ඔයාලා ළඟම ඔයාලාත් එක්ක ඉන්නවා.." මම කිව්වේ බිම දණ ගහලා Anna වයි Zan වයි තුරුල් කරගන්න අතරතුරේ..

"එහෙනම් ඇයි පපා හොස්පිට්ල් එකේ ඉන්නෙ.. ඩොක්ටර් අංකල් කිව්වා පපා අපිව දාලා යනවා කියලා.. Grandma Grandpa Uncle ලා ඇයි හැමෝම අඬන්නෙ.." Anna ආයෙත් මගෙන් ඇහුවේ ඇස් වල කඳුලු පුරවන්..

"Anna..  Zan.. ඔයාලාට ඔයාලාගෙ Daddy ව විශ්වාසයි නේද.." මං ඒ දෙන්නා දිහා බලන ගමන් ඇහුවා.. ටික වේලාවක් මගේ දිහා බලාගෙන ඉඳපු ඒ දෙන්නා අන්තිමට ඔලුව වැනුවා..

"මම පොරොන්දු වෙනවා ඔයාලාගෙ පපාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ කියලා.. ඉක්මනටම එයා ආපහු ඔයාලා ළඟට එයි.." එහෙම කියපු මම Anna ගෙයි Zan ගෙයි ඔලුව සිපගත්තෙ මේ මං එයාලාව දකින අන්තිම වතාව කියලා හිතින් මතක් කරගෙන..

මට දැනුනේ මගේ පපුව පැලිලා යන්න තරම් වේදනාවක්.. ඇයි මට එයාලාගෙන් ඈත් වෙන්න සිද්ද වෙන්නෙ.. ඇයි මං මේතරම් අවාසනාවන්ත වුනේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now