11📖️

2.3K 506 142
                                    

______________________________________

"..One smile can't change the world.. but YOUR SMILE changes mine.."
______________________________________

No One P.O.V

Zhan ගේ වචන Xiao පවුලේ හැමෝටම කන හරහා වැදුන කම්මුල් පාරක් හා සමාන වුණා.. ජීවිතේ පළවෙනි වතාවට සිය සහෝදරයාගේ කඳුලු වලට හේතුව තමන් බව දැනෙද්දී Darren, Yang, Jun, Cheng හතරදෙනාටම දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක්.. ඔවුන්  Zhan ඉදිරියේ හැසිරුණු ආකාරය ඔහුගේ හිතේ ඔවුන් ගැන වැරදි වැටහීමක් ඇති කිරීමට හේතුවක් වුනා කියලා තේරෙද්දි ඔවුන් ප්‍රමාද වැඩියි..

කුඩා කාලයේ සිටම තම දරුවෙක් වගේ ආදරයෙන් හදා වඩා ගත් සොහොයුරාට ගැසීමට තමන් අත එසවූ බව මතක් වෙද්දී Darren ගේ ඇස් වලට කඳුලු උනන්නට වුණා.. Xuan Lu ඔහුගේ අතින් අල්ලා ගත්තේ ඔහුව සැනසීමට උත්සාහ දරමින්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම පුතුන් අතර සිදු වූ සියල්ලක්ම  Crystal පසෙකට වී බලා සිටියේ දැඩි වේදනාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම පුතුන් අතර සිදු වූ සියල්ලක්ම  Crystal පසෙකට වී බලා සිටියේ දැඩි වේදනාවෙන්.. ඔවුන් සැනසීමට ඇයට අවශ්‍ය වුනත් ඒ සඳහා දැන් සුදුසු අවස්ථාව නොවන බව ඇයට හොඳින්ම වටහා ගැනීමට හැකි වුණා.. වසර විස්සක් තමන්ගේ ආදරය සෙනෙහස අහිමිව සිටි පුතුන්ට එක්වරම ඇයගේ පැමිණීම දැඩි සතුටක් වගේම තරමක කම්පනයක් බව ඇය තේරුම්ගත්තා.. විශේෂයෙන්ම තම බාල පුතුට.. Crystal  සිය දෑසින් Zhan ව එකම එක වරක්වත් දැක තිබුණේ නැහැ.. Zhan මෙලොව එලිය දුටුවෙත් ඇය වසර විස්සකට සිය දෑස් පියා ගත්තෙත් එකම අවස්ථාවක.. වසර විස්සක coma තත්ත්වයේ පසු වුවත් Zhan ව කිසි දිනක දැක නොතිබුණත්  Zhan ඇයව බැලීමට පැමිණෙන සෑමවිටකම පැවසූ සැම වදනක්ම ඇයගේ මතකයේ තැන්පත් වුණා.. සිය පුතුව දැක ගැනීමට තිබූ ආශාව වැඩිවත්ම දිනෙන් දින ඇගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන්නට වුණා.. නැවතත් දෑස් විවර කල මොහොතේ පටන් Zhan ව දැක ගැනීමට ආසාවෙන් ඇය බලා සිටියත් සියල්ලක්ම මේ අයුරෙන් අවසන් වේ යැයි ඇය කිසිසේත් බලාපොරොත්තු වුනේ නැහැ.. Zhan , Yibo ට එයාව තමන්ගේ පවුලේ අයගෙන්ම ඈත් කරලා අරන් යන්න කියලා අඬද්දී ඇගේ හදවත වේදනා දෙන්න පටන්ගත්තා.. Yibo සහ Zhan අතර ඇති සබඳතාව පිළිබඳ ඇයගේ හිතේ ප්‍රශ්නාර්ථයක් ඇති වුවත් වසර විස්සක් තම පුතුගෙන් ඈත් වී සිටි ඇයට තවත් එක් මොහොතක්වත් ඔහුව තම දෑස් මානයෙන් ඉවතට යැවීමට හිත හදාගැනීමට නොහැකි වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now