අවසාන කොටස📖️

3K 420 106
                                    

______________________________________

"..Your non existence is killing me.. please comeback and make me alive again.."
______________________________________

Xiao Zhan P.O.V.

සති දෙකකට පසු...

මට දැනුණා මගේ ඇස් ටිකෙන් ටික ඇරෙනවා කියලා..

එකපාරටම එලියට හුරු වෙන්න අමාරු වුන නිසා මම ආයෙත් ඇස් පියාගත්තා..

ඒ වෙද්දී දවස් කීයක් ගෙවිලා ගිහින් ද කියලා මං දැනගෙන ඉඳියේ නෑ.. ඒ වුනාත් මගේ හිතට ආවේ එක ප්‍රශ්නයක් විතරයි..

ඒ ඇයි මං තාම ජීවත් වෙන්නෙ කියලා..

ආයෙත් විනාඩියකට විතර පස්සෙ මං ඇස් ඇරලා මම ඉදපු කාමරෙ පුරාම බලනවාත් එක්කම දොර ඇරගෙන ඩොක්ටර්ස්ලායි නර්ස්ලායි කාමරේ ඇතුළට දුවගෙන ආවේ කලබලයෙන්..

එයාලා මගෙන් මොනවා ඇහුවා ද කියලා මට මතක නෑ..

ඒත් අහපු හැම එකකටම මං කලේ ඔලුව හොලවපු එක විතරයි..

Lub-Dub

Lub-Dub

Lub-Dub

මට ඒක දැනෙනවා..

මගේ හාට් එක ගැහෙන සද්දේ..

ඒත් කවුද ඒකෙ අයිතිකාරයා..

නෑ නෑ.. ඒ එයා වෙන්න බෑ.. එයාට බෑ මාව දාලා යන්න..

එකපාරටම මගේ හිතට ලොකු බයක් දැනෙන්න ගත්තා.. මම කලබලයෙන් ඩොක්ටර් දිහා බැලුවා..

"Y..Yibo.." ඒක තමයි සිහිය ආවාට පස්සෙ මං කියපු පළවෙනි වචනෙ..

"මම ඔයාගෙ family එකේ අයට ඉන්ෆෝම් කරන්නම්.." ඩොක්ටර් කිව්වේ මගේ දිහා බලලා අනුකම්පාවෙන් වගේ හිනා වෙලා..

"Mr.Xiao අමතක කරන්න එපා ඔයාගෙ operation එක කරලා තාම වැඩි දවසක් නෑ කියන එක.. ඒ නිසා ඕනෑවට වඩා ඉමෝෂනල් වෙන්න යන්න එපා.. එහෙම වුනොත් ඔයාගෙ කන්ඩිෂන් එක සීරියස් වෙන්න පුලුවන්.." එහෙම කියපු ඩොක්ටර් රූම් එකෙන් පිටතට ඇවිදගෙන ගියා..

මං දන්න කියන කවුරු හරි රූම් එක ඇතුළට එනකන් මං ඇහිපිය නොහෙලා දොර දිහා බලාගෙන ඉඳියා.. ගෙවිලා ගියපු හැම තත්පරයක්ම හැම විනාඩියක්ම මට දැනුනේ කල්පයක් වගේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now