80📖️

1.6K 383 15
                                    

______________________________________

"..forgiveness is not always easy.. At times it feels more painful than the wound we suffered.."
______________________________________

No One P.O.V.

Unknown place

"තමුසෙට ඒ වැඩේවත් හරියට කරගන්න බැරි වුනාද මිනිහෝ.." Merlino උස්හඬින් විමසුවේ තාම ඉදිරියේ හිස පහත් කරගෙන සිටගෙන සිටින Zanjin ගේ කමිස කොලරයෙන් ඇද අල්ලා ගන්න අතරතුරේ..

"Sorry boss.. Don එතනට ඇවිත් හැමදෙයක්ම අවුල් කරා.." Zanjin පැවසුවේ පහත් හඬින්..

"Don.. Don.. Don.. මම මොන වැඩේ කරන්න ගියාත් ඌ හැමදාම මැද්දෙන් පැනලා හැමදෙයක්ම අවුල් කරනවා.. Wang Yibo.. මේ අන්තිම වතාව.. මම ඉක්මනටම තමුන්ට පෙන්නලා දෙන්නම් තමුන්ගේ ඇස් ඉස්සරහා තමුන්ගේ පවුලේ අය මැරිලා යද්දී මොන වගේ හැඟීමක් ද දැනෙන්නෙ කියලා.. හහ්හහ්හාාාා.." යැයි පැවසූ Merlino උස්හඬින් සිනාසෙන්නට වුණා..

ඒත් සමඟම වාගේ ඔහුගේ දුරකථනය නාද වන්නට වූ අතර මද වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු නොරිස්සුම් සහගත බැල්මකින් එයට ප්‍රතිචාර දැක්වූවා..

"හෙලෝ.."

"Merlino.. තමුසෙ මොන මගුලක් ද යකෝ කරන්නෙ.. මම තමුන්ට හොඳින් කිව්වා Zhan ට අත තියන්න එපා කියලා.. තමුසෙට ප්‍රශ්නේ තියෙන්නේ Yibo එක්කනෙ.. මගෙ මල්ලීව අතඇරලා කරන⁣ දෙයක් ඌට කරනවා.."  Darren පැවසුවේ කෝපයෙන්..

"*chuckle* මල්ලී..? මම දන්න විදිහට නම් ඒ දෙන්නාම තමුන්ගෙ මල්ලිලා Darren.. ඉතිං මොකක්ද වෙනස.. Don ට රිද්දන්න පුලුවන් එකම ක්‍රමය Donna ව ඉවරයක් කරලා දාන එක.. මේ වතාවේ තමුන් නෙමෙයි කවුරු කිව්වාත් මම මගේ ප්ලෑන් එක වෙනස් කරන්නෙ නෑ.. තමුන්ට ඇක්ෂන් එකක් ගන්න දීලා මම අවුරුදු තුනක් බලන් ඉඳියා.. ඒත් අද වෙනකන් කිසිම දෙයක් උනේ නෑනේ.. දැන් මගේ වාරේ.. මේ වතාවේ මම Don ව ඉවරයක් කරලාම දානවා.. ඒකට මට තමුන්ගේ මල්ලීව මරන්න වුනාත් මං ඒක කරනවා.." යැයි පැවසූ Merlino Darren ට තවත් යමක් පැවසීමට ඉඩක් නොතබාම දුරකථන ඇමතුම විසන්ධි කර දැමුවා..

"Damn it.." Merlino සමඟ කතා කර අවසන් වූ Darren තම අතෙහි ⁣ෆෝන් එක පොලවේ ගැසුවේ කෝපයෙන්..

කේන්තියෙන්ම අනෙක් පස හැරී කාමරයෙන් පිටව යාමට සැරසුනාත් තමාගෙ පිටුපසට වී තමා දෙස විසල් වූ දෙනෙතින් බලා සිටින Xuan Lu ව දුටු Darren තරමක් ගැස්සී ගියා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now