90📖️

1.7K 372 46
                                    

______________________________________

"..I can't see myself without you so please don't leave me.."
______________________________________

No One P.O.V.

"Yibo උඹ හොඳින් ද..?" Xuan විමසුවේ Yibo ව බැඳ දමා තිබූ දම්වැල් ඉවත් කරන අතරතුරේ..

නමුත් ඔහුට පිළිතුරක් දීමට තරම් සිහියක් නොවූ Yibo දම්වැල් ගලවා දැමූ සැනින් කලබලයෙන් Zhan අසලට දිව ගියා..

වෙඩි නොවදින ඝනකම් වීදුරු වලින් තනා තිබූ ටැංකියක් වූ නිසාවෙන් Zhan ව ඉන් පිටතට ගැනීමට තරමක් කාලය ගත වූ අතර ඒ වනවිටත් Zhan පසුවූයේ සිහිසුන්ව..

"Zhan.. Zhan.. baby.. Xiao Zhan.." Yibo Zhan ව තම තුරුලට ගෙන ඔහුගේ කම්මුලට තරමක් තදින් ගසමින් ඔහුව පියවි සිහියට ගැනීමට උත්සාහ දැරුවාත් එය සාර්ථක වූයේ නැහැ..

Zhan ගේ නාසය අසලට ඇඟිල්ලක් ලං කර Yibo ඔහු හුස්ම ගන්නවා දැයි පරික්ෂා කල අතර ඔහුගේ හුස්ම ගැනීමේ වේගය තරමක් දුර්වල බව දුටු Yibo ගේ හදවත වේගයෙන් ගැසෙන්නට වුණා..

"XUAN..." Yibo උස්හඬින් කෑගැසුවේ සැමගේම අවධානය ඔහු වෙත දිනා ගනිමින්..

"Yibo.."

"Zhan ව මගේ කාර් එකට අරන් යන්න.." Zhan ඔසවා Xuan ගේ අතට දුන් Yibo කෝපයෙන් රත් පැහැ වුන දෙනෙතින් තම සගයන් අල්ලාගෙන සිටි Merlino දෙසට හැරුණා..

"D..Don.. ම.. මට..." Yibo පසු වන්නේ දැඩි කෝපයෙන් බව දුටු Merlino බියෙන් වෙව්ලන්නට වූවා.. නමුදු ඔහු පැවසීමට ගිය දේ පැවසීමට ඉඩක් නොතබාම අසල බිම වැටී තිබූ යකඩ පොල්ලක් අතට ගත් Yibo ඉන් Merlino හට නොනවත්වා පහර දුන්නෙ ඔහු වේදනාවෙන් හඬා වැටෙද්දී..

විනාඩියක් පමණ එකදිගට ඉන් ඔහුට ගැසූ Yibo අවසානයේ යකඩ පොල්ල පසෙකට විසි කර Merlino ගේ කොණ්ඩයෙන් ඇද අල්ලාගත්තා..

"හොඳට මතක තියාගනින් මගේ Zhan ට මොනවාහරි වුනොත් මං තෝව පණ පිටින් හම ගහනවා.. ඉක්මනටම උඹ මේ ලෝකෙ ඉපදුන එක ගැනත් පසුතැවෙයි Merlino.." Merlino ගේ මුහුණට ලං වුන Yibo කෝපයෙන් වෙව්ලමින් පැවසුවා..

"Yizhou.."

"Don.."

"මං ආපහු එනකන් මූව පරිස්සමට බලාගනින්.. උඹට කැමති දෙයක් කරපන්.. හැබැයි මූ මැරෙන්න ඕන මගේ ඇස් ඉස්සරහා.. ඒක හොඳට මතක තියාගනින්.." Yibo Yizhou හට පැවසුවේ Merlino ගේ බියෙන් තැතිගත් දෑස් දෙස බලන ගමන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now