01📖️

4.2K 523 88
                                    

______________________________________

"..If I did anything right in my life it was When I gave my heart to you.."
______________________________________

No One P.O.V.

වර්තමානය...

"මම ඒක කරන්නම්.." බිම බලාගෙන සන්සුන්ව වෛද්‍යවරයා ඉදිරියේ සිටගෙන සිටි යීබෝ එසේ පවසද්දී සැවොම ඔහු දෙස බැලුවේ විසල් වූ දෙනෙතින්.. කිසිවෙකුත්මොහොතේ ඔහුගෙන් මෙවැනි සන්සුන් බවක් බලාපොරොත්තු නොවූ අතර ඔහුගේ පිළිතුර සැවොම මවිත කරන්නට වුණා..

'මං ගොඩක් පව් කරපු මිනිහෙක් ජාන්.. ඔයාගෙන් සමාව ඉල්ලන්නවාත් මම සුදුසු නැහැ.. මම දන්නවා ඔයා මට කවදාවත් සමාව දෙන එකක් නම් නැහැ කියලා.. ඒ වුනත් ඔයා නැති ලෝකෙක මැරි මැරී ජීවත් වෙනවාට වඩා මං මේ දැන් ගන්න යන තීරණේ මට සැනසීමක්.. ඔයා මට කිව්වානෙ ආපහු කවදාවත් ඔයාගෙ ඇස් ඉස්සරහට එන්න එපා කියලානිසා මං යන්නම්.. මගේ ජීවිතේ ඔයාට දීලා මම යන්නම යන්නම්.. මං නෑ කියලා ඔයාටවත් එයාලාටවත් කිසිම අඩුවක් වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ.. ඔයායි මායි ජීවත් වුන ලෝකෙට  එයාලාව ඇදලා ගන්න මං කාටවත්ම ඉඩ දෙන්නෙත් නැහැ.. ඒ නිසා මෙහෙන් ඈතට ගිහින්, ගොඩක් ඈතට ගිහින් ඔයාලා අලුතින් ජීවිතයක් පටන්ගන්න.. මං නිසා ඔයාට නැති වුන ඔයාගෙ හිනාවත් එක්කම අලුත් ජීවිතයක් ඔයාට ආපහු ලැබෙයි ජාන්.. ඒ වගේම එයාලා හැමදාටම එයාගෙ පපා එක්ක ඉන්න පුලුවන් වෙයි.. මට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් මේ දේ විතරයි..' සිතින් එසේ සිතූ යීබෝ තම අත් මිට මොලවා ගත්තේ සිය දෑසෙහි වූ කඳුලු සිර කරගනිමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now