71📖️

1.5K 380 33
                                    

______________________________________

"..before making a decision take a moment and ask yourself this question 'will it bring me happiness ?'.."
______________________________________

No One P.O.V.

එදිනම සවස..

Zhan ගේ apartment එක ඉදිරිපිට..

"Zhan.. ඒ කියන්නේ ඔයා ආපහු යනවා ද..?" Chuyue විමසුවේ Zhan ගේ දෑස් දෙස වේදනාවෙන් බලන අතරතුරේ..

"හ්ම්.. ඔව්.. මට මමා ට බෑ කියන්න බෑ.. ඒ නැතත් මට දැන් තේරෙනවා මගේ ආත්මාර්ථකාමී කම නිසා මං මගේ වටේ ඉඳපු හැමෝටම රිද්දුවා කියලා.. මගේ ජීවිතේට වුන දේවල් වලට එයාලා පලි නෑ.. විශේෂයෙන්ම Anna යි Bo යි Zan නුයි.. එයාලා පවුලක් කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැතුව අවුරුදු තුනක් මේ ගේ ඇතුළට හිර වෙලා ජීවත් වුනා.. දැන් එයාලාට අයිති ඇත්තම ජීවිතේ දෙන්න කාලේ හරි.." Zhan පැවසුවේ මද සිනහවකින් යුතුව..

"ඒ කියන්නේ.. ඔයා Yibo ට සමාව දීලා ආපහු එයා ළඟට යනවා කියන එකද..?" 

"මං දන්නෙ නෑ මට එයාට සමාව දෙන්න පුලුවන් වෙයි ද කියලා.. ඒ වුනාත් මම ආපහු එයාට ළමයින්ගෙ ජීවිතේ එයාට තියෙන අයිතිය නැති කරන්නෙ නැහැ.."

"ඒත් ඔයා එයාට ළමයින්ට ලං වෙන්න දෙනවා කියන්නේ නිකන්ම එයාව ඔයාගෙ ජීවිතේට ලං කරගන්නවා වගේ වැඩක්.. Zhan.. මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ ආපහු ඔයා එයාට ලං වෙනවාට.. අමතක වුනා ද එයා ඔයාට මොනවා ද කරේ කියලා.." Chuyue විමසුවේ තරමක් නොරිස්සුම් සහගත ලෙසින්..

"මට ඒ කිසිම දෙයක් අමතක වෙලා නෑ Chuyue.. ඒ වුනාත්...... ඔයා Yibo ගැන දන්නෙ නෑ Chuyue.. එයා පිටින් පේනවාට වඩා ගොඩක් දුක් විඳපු කෙනෙක්.. එයා මට කරපු දේවල් වලට මට දැන්ම එයාට සමාව දෙන්න බැරි වෙයි.. සමහරවිට කවදාවත්ම බැරි වෙයි.. ඒත් දැන් මං එයාට වෛර කරන්නෙ නැහැ.. අන්තිමට මං මගේ හිතටම තේරුම් කරලා දුන්නා මං පලිගන්න ගියොත් ඒකෙන් රිදෙන්නෙ මටයි Yibo ටයි විතරක් නෙමෙයි Anna ටයි Bo ටයි Zan ටයි කියන එක.. මොන දෙයක් ඉවසුවාත් මට එයාලා වේදනාවෙන් ඉන්නවා බලන්න බැහැ.. Yibo ට වගේම මගේ ජීවිතෙත් අඳුරු අතීතයක් තිබ්බා.. ඒක අපේ දෛවය.. දැන් වුන දේවල් ගැන හිත හිත වෛර කරලා වැඩක් නැහැ.. මම ඉක්මනටම මේ හැමදෙයක්ම ඉවර කරලා දානවා.." Zhan පවසාගෙන ගියේ Chuyue ගේ දෑස් මගහැර ඉවත බලමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now