58📖️

1.9K 443 219
                                    

______________________________________

"..This feelings I am having for you will never change, my love for you will last forever in this world or elsewhere.. I will never stop loving you.."
______________________________________

No One P.O.V.

Next day..
Shooting location..

Shooting location

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'I love you... ම........'

"Cut.." ඩිරෙක්ටර් උස්හඬින් පැවසුවේ වාඩි වී සිටි තැනින් නැගිටින ගමන්..

"Yang.. ඔයාට මොකද වෙලා තියෙන්නේ.. ඔහොම බෑ ඔයාගෙ වචන වල තියෙන ෆීලින්ග් එක මූණෙනුත් පෙන්න ඕන.." Yang සහ Reba අසලට පැමිණි ඩිරෙක්ටර් පැවසුවේ Yang දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලමින්..

"I am sorry Mr.Liu.. අද මගේ මූඩ් එක ටිකක් අවුල්.." Yang ඩිරෙක්ටර් වෙත සමාව අයදින බැල්මක් හෙලුවා..

"හ්ම් හ්ම් කමක් නෑ.. එහෙනම් ගිහින් බ්‍රේක් එකක් අරන් රිලැක්ස් වෙන්නකො.. තව පැය බාගෙකින් ආපහු shooting පටන්ගමු.." එසේ පැවසූ ඩිරෙක්ටර් එතනින් පිටව ගියේ Yang ගේ පිටට ද තට්ටුවක් දමමින්..

ඩිරෙක්ටර් පිටව යන දෙස බලා සිටි Yang දිගු සුසුමක් හෙලා අසල වූ පුටුවකින් වාඩි වූයේ තම අත් වලින් මුහුණ පිරිමදින අතරතුරේ..

"Yang.. are you ok..?" ඔහු අසලින්ම වාඩි වූ Reba තම මිතුරාගේ මෙම අසාමාන්‍ය හැසිරීම පිළිබඳ තරමක් කනස්සල්ලෙන් ප්‍රශ්න කරන්නට වුණා..

"හ්ම්.." මවාගත් සිනහකින් ඇය දෙස බැලූ Yang පිළිතුරු දුන්නා..

"You know what Yang.. අමතක කරන්න එපා අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් හොඳ යාලුවෝ කියන එක.. ඔයා හැසිරෙන විදියෙන්ම මට තේරෙනවා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියලා.." Reba පැවසුවේ තම ඇහි බැමක් ඉහළට ඔසවා Yang දෙස බලමින්..

"මට තේරෙන්නෙ නෑ Reba.. ප්‍රශ්න වල ඉවරයක් නෑ.. Zhan ඉන්නෙ කොහෙද කියලා අපි කාටවත්ම තාම හොයාගන්න බැරි වුනා නම්.. අම්මා අඬාගත්ත ගමන්මයි ඉන්නේ.. ඒ මදිවාට Darren-ge.. හිතාගන්නවත් බැරි විදිහට එයා ගොඩක් වෙනස් වෙලා.." Reba දෙස වේදනාවෙන් බැලූ Yang පැවසුවා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now