70📖️

1.5K 374 21
                                    

______________________________________

"..Neither time nor distance can lessen a mother's love.."
______________________________________

No One P.O.V.

"I am sorry Mom.. ඒත් මට බැහැ.. මට.. මට බැහැ ආපහු ඒ ගෙදරට යන්න.." Zhan පැවසුවේ තම අත් මවගේ ග්‍රහනයෙන් මුදාගෙන පියවර කිහිපයක් පසුපසට ගන්නා ගමන්..

"Zhan.. ඇයි ඔයා බෑ කියන්නේ.. ඒ ඔයාගෙ ගෙදර.. මේ අවුරුදු තුන ඔයා නැතුව අපි මොනතරම් දුකකින් ද ඉඳියේ කියලා ඔයා දන්නවා ද.." Jun ද ඔවුන්ගේ කතාබහට හවුල් වෙමින් පැවසුවා..

"ඔයාලා කවදාවත් මාව ඔයාලාගෙ පවුලේ කෙනෙක් විදිහට සැලකුවේ නැහැ.. ඇයි මං එහෙම ගෙදරකට ආපහු එන්න ඕන..?" Zhan විමසුවේ හිස දෙපසට සොලවා වේදනාවෙන් සිනාසෙමින්.

"Zhan.. ඔයා මොනවාද මේ කියන්නේ.. අපි කවදාද ඔයාට පිට කෙනෙක්ට වගේ සැලකුවේ.." Jun විමසුවේ Zhan දෙස විමතියෙන් බලන අතරතුරේ..

"එහෙම නැත්නම් ඇයි ඔයාලා කවුරුත් මට ඇත්ත කිව්වේ නැත්තෙ.. ඇයි Darren-ge ගැන අම්මාගෙ accident එක ගැන මගේ ලෙඩේ ගැන මගෙන් හැංගුවේ.. ඇයි ඔයාලා මට එහෙම කරේ.."

Zhan එසේ විමසූ වීමට ලබා දීමට පිලිතුරක් නොමැතිව අසරණ වූ Crystal මෙන්ම Jun ද Zhan වෙත හෙලුවේ සමාව අයදින බැල්මක්..

"ඇයි කතා කරන්නෙ නැත්තෙ.. දෙන්න උත්තරයක් නැද්ද.. *chuckle* තවත් කතා කරලා තේරුමක් නෑ.. ප්ලීස් මට මේ අවුරුදු තුනේ මං ජීවත් වුන විදිහටම ජීවත් වෙන්න ඉඩ දීලා ඔයාලාත් මේ ඉඳිය විදිහටම මාව අමතක කරලා ජීවත් වෙන්න බලන්න.. ආපහු ඒ ගෙදරට එන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.." තම කම්මුල් මත වූ කඳුලු පිසදාගත් Zhan ස්ථිර හඬින් පැවසුවා..

"හරි ඔයාට එන්න බෑනේ.. මම තවත් බලකරන්නෙ නෑ.. දන්නවා ද ZhanZhan මමා හැමෝටම වඩා ආදරේ ඔයාට කියලා.. මං මගේ ජීවිතේ ගැනවාත් හිතන්නේ නැතුව ඔයා⁣ගෙ ජීවිතේ ගැන හිතුවේ.. ඔයා නැතුව මං අවුරුදු තුනක් ඇඬුවා.. තවත් ඔයා නැතුව ඒ ගෙදර ජීවත් වෙනවාට වඩා හොඳයි මං මැරිලා යනවා.." එසේ පැවසූ Crystal පාර දෙසට ඇවිද යන්නට වූ අතර එය දුටු Zhan , Jun මෙන්ම Yibo ද බියෙන් තැති ගත්තා..

"MOM....." පාරේ ඈතින් පැමිණි මෝටර්රථයක් ඉදිරියට Crystal පැනීමට හදනවාත් සමඟම ඇඟේ අතින් ඇද පාරෙන් ඉවත් කල Zhan ඇයව වැළඳගත්තේ බියෙන් වෙව්ලමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now