39📖️

1.6K 419 237
                                    

______________________________________

"..I wish I could give you my pain just for one moment.. Not to hurt you, but to make you understand how much you hurt me.."
______________________________________

No One P.O.V.

Yibo and Zhan's bedroom..
9.17 p.m.

CiCi සහ Ju Jingyi පිටව ගිය පසු Zhan ගේ අතින් ඇදගෙන කාමරයට පැමිණි Yibo ඔහුව ඇඳ උඩට තල්ලු කර දැමුවේ දැඩි කෝපයෙන්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


CiCi සහ Ju Jingyi පිටව ගිය පසු Zhan ගේ අතින් ඇදගෙන කාමරයට පැමිණි Yibo ඔහුව ඇඳ උඩට තල්ලු කර දැමුවේ දැඩි කෝපයෙන්..

මෙවර Yibo ගේ කෝපයට හේතුව කුමක්දැයි වටහාගත නොහැකි වූ Zhan , Yibo වෙත හැඟීම් විරහිත බැල්මක් හෙලන්නට වුණා..

"Ju Jingyi ගෙන් ඈත් වෙලා ඉන්න කියලා මං තමුන්ට හොඳින් කිව්වා.. එකපාරක් නෙමෙයි දෙපාරක්ම කිව්වා.. එහෙම කියලාත් ඇහුවේ නෑ නේද.. මොන මගුලකට ද එයාට තමුන්ව hug කරන්න දුන්නෙ.. අමතක ද තමුන් දැන් මැරි කරලා කියලා.. ආහ්..?? කතා කරනවා.. ගොලු වෙලා ද උත්තර දෙන්න බැරි.. වෙන උන් ඉස්සරහා කතා කරන්නයි හිනා වෙන්නායි විතරද කට තියෙන්නේ.." Yibo විමසුවේ පහතට නැමී Zhan ගේ නිකටින් අල්ලා ගනිමින්.. Yibo කෝප වී ඇති හේතුව හොඳින්ම වටහාගත් Zhan ඔහුව තවත් කෝප ගැන්වීමට සිතා ඔහු දෙස බැලුවේ ක⁣ට කොනකින් සිනාසෙමින්..

Zhan ගේ මෙම හැසිරීමෙන් කෝපයට පත් වූ Yibo තම අත ඔසවා Zhan ගේ කම්මුලට පහර දීමට ගියාත් ඔහුට එය සිදු කල නොහැකි වුණා.. තම දෑස් පියාගත් ඔහු වේගයෙන් හුස්ම ගන්නට වුනේ තම අත මිට මොලවාගනිමින්.. මේ කාලය පුරාවටම Zhan නොසෙල්වී Yibo දෙස බලා සිටින්නට වුණා..

විනාඩි කිහිපයකට පසු Yibo නැවතත් තම දෑස් විවර කළ අතර ඒ වනවිට ඔහුගේ දෑස් කෝපයෙන් රත් පැහැයට හැරී තිබුණා.. තම අත පහළට හෙලූ Yibo Zhan වෙත හෙලන්නට වුනේ හැඟීම් විරහිත බැල්මක්..

"තමුන්ට මාත් එක්ක සෙල්ලම් කරන්න ද ඕන.. ඕකේ.. අද මං තමුන්ට කියලා දෙන්නම් මගෙ වචනෙට පිටින් ගියොත් මොකක්ද වෙන්නෙ කියලා.." මුවගට සිනහවක් නංවාගෙන Zhan ට එසේ පැවසූ Yibo ඔහුගේ අතින් ඇදගෙන balcony එක වෙත ඇවිද ගියා..

Brothers vs Lover (Yizhan)✔️Opowieści tętniące życiem. Odkryj je teraz