65📖️

1.6K 385 26
                                    

______________________________________

"..It hurts the most when the person that made you feel special yesterday makes you feel so unwanted today.."
______________________________________

No One P.O.V.

"Zhan don't joke with me ok.." Yibo Zhan ට පැවසුවේ තම ගෙල වටා දෑත් දමාගෙන සිටින Zan ගේ හිස පිරිමදින අතරතුරේ..

"මම මොකටද ඔයාත් එක්ක විහිලු කරන්නෙ Yibo.. අනිත් එක මේ වගේ දෙයක් විහිලුවට ගන්න ඔයා මං කවුරු කියලා ද හිතන් ඉන්නෙ..?" තරමක කෝපයෙන් එසේ විමසූ Zhan තම අතෙහි වූ බෑගය බිමින් තබා Yibo අසලට ඇවිද ආවා..

"එයාව⁣ දෙන්න මට.." Zhan පැවසුවේ තම දෑත් Yibo දෙසට දිගු කරමින්..

නමුත් Zan තම හිස Yibo ගේ ගෙලෙහි සඟවා ගත්තෙ Zhan අතට යාම ප්‍රතික්ෂේප කරමින්.. Zan ගේ මෙම හැසිරීමෙන් Zhan ගේ සිත තරමක් රිදුන අතර ඔහු කෝපයෙන් Yibo දෙස රවා බලන්නට වුණා..

"Zhan එ....." Yibo යමක් පැවසීමට ගියාත් Zhan ඔහුට බාධා කලා..

"මං කිව්වේ Zan ව මට දෙන්න කියලා.. Zan.. baby come here.. එන්න ඔයාගෙ පපා ළඟට.." හිස ඔසවා Zhan දෙස බැලූ Zan තම හිස දෙපසට හෙලවූයේ නොහැකි යැයි හඟවමින්..

"Zan.. ඔයාට දැන් පපාව ඕන නැද්ද.. ඔයා දැන් පපාට ආදරේ නැද්ද.." තම පුතු තමාව ප්‍රතික්ෂේප කිරීම ගැන වේදනාවට පත් Zhan ගේ දෑස් කඳුලින් තෙත් වන්නට වූ අතර ⁣එය දුටු Zan ඉක්මනින් තම දෑත් Zan වෙත දිගු කලා..

Yibo ගේ අතින් Zan ව ගත් Zhan ඔහුගේ මුහුණ සිපගත්තේ ආදරයෙන්..

"ආපහු එහෙම කරන්න එපා.. දන්නවානෙ පපා ඔයාලාට ගොඩක් ආදරෙයි කියලා.. මගෙ මුලු ජීවිතේම ඔයාලා තුන්දෙනා.." Zhan පැවසුවේ ඔහුගේ දෑසින් කඳුලු ගලා යද්දී..

Zhan ගේ කම්මුල් මත වූ කඳුලු තම කුඩා අතින් පිස දැමූ Zan ඔහුගේ කම්මුල් දෙක සිපගත්තේ තම පියාව සැනසීමට උත්සාහ දරන ගමන්..

කතා කිරීමට නොහැකි වුවාත් Zan ට පැවසීමට අවශ්‍ය කුමක්දැයි කියා Zhan ට මෙන්ම Yibo ට ද වැටහුණ අතර ඔවුන් එය ඔවුන් දෙදෙනාගෙම හදවත රිදවන්නට වුණා..

"Granny.. Zan ව ඇතුළට අරන් යන්න මම තව ටිකකින් එන්නම්.." Zan ව Granny අතට දුන් Zhan පැවසුවා..

Yibo ගේ තුරුලෙහි රැඳීමට Zan ප්‍රිය කලත් තම පියා ඊට අකමැති බව වටහා ගත් කුඩා Zan අවසන් වරට Yibo දෙස බලා වේදනාවෙන් සිනාසුනේ ඔහුට අත වනන ගමන්.. කිසිවක් නොපැවසූ Yibo ද පෙරලා Zan වෙත අත වැනුවේ තම අනෙක් අත කලිසම් සාක්කුව තුළට දමා මිට මොලවා ගනිමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now