77📖️

1.5K 373 32
                                    

______________________________________

"..I am falling apart right in front of your eyes but you don't even see me.."
______________________________________

No One P.O.V.

Zhan Kris ව side hug දෙස Yibo බලා සිටියේ තම අත මිට මොලවා ගනිමින්..

"Yibo.." Xuan පැවසුවේ තම අත Yibo ගේ අතෙහි වූ වයින් වීදුරුව මත තබන අතරතුරේ..

"What.." තම දෑස් Kris සහ Zhan ගෙන් ඉවතට නොගෙනම Yibo ප්‍රශ්න කලා..

"ඕක දීපන් මෙහාට.. උඹ ඕක අල්ලගෙන ඉන්න විදිහට තව වැඩි වෙලාවක් යන්න කලින්ම ඕක උඹේ අතේ තියෙද්දීම කැඩිලා යනවා.." දෑස් පියාගෙන හොඳ හුස්මක් ගත් Yibo Kris සහ Zhan ට පිටුපා හැරී වයින් වීදුරුව සම්පූර්ණයෙන්ම පානය කර හිස් වීදුරුව නැවතත් Xuan අතට දුන්නෙ ඔහුගේ වයින් වීදුරුව ද බලෙන්ම වාගේ උදුරා ගනිමින්..

ඔහු එයද එක හුස්මට පානය කර අසල වූ waiter ගෙන් තවත් වයින් වීදුරුවක් ගැනීමට සූදානම් වෙද්දී යමෙක් ඔහුගේ අතින් අල්ලා ඔහුව නතර කලා..

"Take your hands off Kris.." Yibo පැවසුවේ කෝපයෙන් Kris දෙස රවා බලන ගමන්..

"We need to talk.." තම අත Yibo ගෙන් ඉවතට නොගෙනම Kris පැවසුවා..

"මට තමුන් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ Kris.." බලෙන්ම වාගේ තම අත Kris ගේ ග්‍රහනයෙන් මුදාගත් Yibo එතනින් පිටව යාමට සැරසුනාත් Kris ඊලගට පැවසූ වදන් ඇසුන සැනින් ඔහු සිටි තැනම නතර වුණා..

"Zhan ට ජීවත් වෙන්න තව වැඩි කාලයක් නෑ.."

"What the fuck is wrong with you.. මොන මගුලක් ද යකෝ උඹ කියවන්නෙ.." අනෙක් පස හැරී Kris ගේ කමිස කොලරයෙන් ඇද අල්ලාගත් Yibo කෝපයෙන් විමසුවා..

"මාත් එක්ක කේන්ති ගත්තා කියලා ඇත්ත වෙනස් වෙන්නෙ නෑ Yibo.." Kris පැවසුවේ Yibo ගේ දෑස් දෙස එක එල්ලේ බලමින්.. මද වෙලාවක් Kris දෙස බලා සිටි Yibo ඔහුව අත්හැර පියවර කිහිපයක් පසුපසට ගත්තේ ඔහු පැවසූ වදන් අදහාගත නොහැකිව..

"නෑ.. නෑ.. ඒක වෙන්න බෑ.. Zhan.. එයාට එහෙම වෙන්නෙ නෑ.." Yibo පැවසුවේ තම හිස දෙපසට හොලවමින්..

"තමුන් පිලිගන්න කැමති වුනාත් නැතත් ඒක තමයි ඇත්ත Yibo.. මට Zhan ව මුලින්ම හම්බ වුනේ මීට අවුරුදු හයකට කලින් Zhan ඇමෙරිකාවට ආපු මුල්ම වතාවේ.. එදා එයා මං කවුද කියලා දන්නෙවත් නැතුව මට පොලිසියෙන් පැනගන්න උදව් කරා.. එදා ඉදන් තමයි අපි දෙන්නාගෙ යාලුකම ඇති වුනේ.. Zhan මට මගේම සහෝදරයෙක් වගේ.. racing fighting මේ හැමදෙයක්ම මමයි Zhan ට ඉගැන්නුවේ.. ඇත්තම කිව්වොත් මමයි එයාව මේ මාෆියා ලෝකෙට මුලින්ම අරගෙන ආවේ.. Zhan කවදාවත් මං දීපු කිසිම මිෂන් එකකින් ෆේල් වුනේ නැහැ.. ඒ ලස්සන අහිංසක මූණට රැවටුන හැමෝටම වගේ අන්තිමට සිද්ද වුනේ මේ ලෝකෙන් සදහටම යන්න.. Zhan එහේ ඉන්න අතරෙදි තමයි මම අහම්බෙන් වගේ  එයාගෙ heart problem එක ගැන දැනගත්තෙ.එයාගෙ පවුලේ අය Zhan ට එයාගෙ ඇත්ත condition එක ගැන කියලා තිබුණේ නැහැ.මාත් එයා ඇමෙරිකා ඉදපු අවුරුදු තුනේම එයාට ඒ ගැන දැනගන්න ඉඩ තිබ්බේ නැහැ.Zhan ගේ අයියලා වගේම මාත් එයාව මගේම සහෝදරයෙක් වගේ පරිස්සම් කලා.ඒත් Zhan ආයෙත් චීනෙට යන්න තීරණය කරපු දවසෙ මම නිකමටවත් හිතුවේ නෑ එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා.එයාගෙ මූණෙ හැමදාම තිබුණ ඒ ලස්සන හිනාව තමුන් එයාගෙන් උදුරගත්තා Yibo.තමුන් මගේ මල්ලී ගේ ජීවිතේ අපායක් කරා.අද එයා ඉන්න තත්ත්වෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන වෙන කවුරුත් නෙමෙයි තමුන්ම විතරයි.හොඳට ඉඳපු එයාගෙ ලෙඩේ වැඩි වුනේ තමුන් නිසා.⁣එයාට ඉක්මනටම heart transplant එකක් නොකරොත් එයා තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ කියලා ඩොක්ටර්ස්ලා එයාට කිව්වා.ඒත් එයාට ඒ ගැන ගානක්වත් නෑ.එයාට ජීවත් වෙන්න තියෙන ආසාව නැති වෙලා ගිහිල්ලා තියෙන්නෙ.Zhan ට බය තිබුණේ එයා නැති වුන දවසක එයාගෙ ළමයින්ට කාත් කවුරුත් නැති වෙයි කියලා.ඒ නිසායි එයා ආපහු ගෙදර එන්න තීරණය කරේ.මොකද එයා හොඳටම දන්නවා එයා නැති වුනාත් එයාගෙ ළමයින්ව එයාගෙ පවුලේ අය ආදරෙන් බලාගන්නවා කියලා.." Kris පවසාගෙන ගියේ Yibo විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටියදී..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now