45📖️

1.9K 431 82
                                    

______________________________________

"..I am alone and this loneliness is killing me.."
______________________________________

No One P.O.V.

මාස එකහමාරකට පසු..

මාස එකහමාරකට පසු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Go away.." සේවිකාව ගෙනත් දුන් සුප් බඳුන පසෙකට විසි කර දැමූ Zhan ඇය දෙස බලා කෝපයෙන් කෑගැසුවා..

තම Donna ගේ මෙම හැසිරීම ඒ වනවිට නිවසේ සේවක සේවිකාවන්ට මෙන්ම bodyguards ලාට ද නුහුරු නුපුරුදු දෙයක් නොවූ අතර ඔහුගේ සිතේ ඇති වේදනාව වටහාගත් සියලු දෙනාම ඔහුට අනුකම්පා කරන්නට වුණා..

මාස එකහමාරකට පෙර Yibo හා ගත කළ ඒ රාත්‍රියේ මතකයන් සැරින් සැරේ Zhan ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට වුණා.. එදින රැය පහන් වනතුරුම Yibo ඔහුට සිත්සේ Zhan ගේ සිරුරේ පහස ලබද්දී Zhan සිය කැමැත්තෙන් ඔහු සිත්සේ සියල්ලක්ම කර ගැනීමට ඉඩ දී ඒ ඇඳ මත වැතිර සිටියා.. කායිකව මෙන්ම මානසිකව ද වෙහෙසට පත්ව සිටි Zhan පැය ගණනාවක් පුරා Yibo තම සිරුරට ලබා දුන් වේදනා ඉවසාගත නොහැකිව අවසානයේ  සිහිසුන් වන්නට වුණා.. නමුදු ඔහු පසුදින අවදි වන විට Yibo නිවසේ නොසිටි අතර ඔහු ගියේ කොහිද කුමක් සඳහා ද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැහැ..

හදිසි අවශ්‍යතාවයක් සඳහා Yibo , Xuan  සමඟ ඇමරිකාවට පිටව ගිය බව CiCi ඔහුට පැවසුවාත් ඇගේ වදන් වලට මෙවර Zhan ගේ සිත අස්වැසීමට නොහැකි වූවා.. එදා සිට මේ වනතෙක් මාස එකහමාරක් පුරාවටම Yibo ගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් Zhan මග බලා සිටියාත් ඔහු බලා සිටි ඇමතුම කිසිදාක පැමිණියේ නැහැ.. CiCi සහ Ju Jingyi හැකි සෑම විටකම Zhan ව බැලීමට පැමිණියාත් Zhan ඔවුන් දෙදෙනාව ද මග හරින්නට වුනේ තමාට තනිව සිටීමට අවැසි යැයි පවසමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now