episode 04

897 153 0
                                    



"වතුර විකුනන්න තියේද මෙතන?"

"ඔව් ඔව් මොකෝ නැත්තේ..."

"කීයද වතුර බෝතලයක්?"

"නංගි කැමති කීයකට වගේද අහ්..."

එතන හිටපු මනුස්සයා මා දෙස රාගයෙන් යුතු බැල්මක් දමා ඇසුවේය.. ඒ විගස JK ද BAR එක ඇතුලට ආවේය..

"වතුර බෝතලයක් කීයද කියනවද තමුසේ?"(JK ඉතා සැරෙන් අසන ලදී)

"අනේ sorry මහත්තයා... නංගි අපිට කියන්න එපැයි Boy Friend එක්කයි ආවේ කියලා එහෙනම් අපි නිකන් නේ වතුර දෙන්නේ.. අහ් නංගි $1 දෙන්නකො මේක අරන්"

මොකක් මගේ BF... omg!! ඒ මනුස්සයට අපි දෙන්නව දැක්කම එහෙම හිතුනද... daebak!! මන් ඔහුට සල්ලි දී වතුර බෝතලය මිලදී ගෙන JK ත් සමග BAR එකෙන් එලියට ආවේය

"අම්මෝ හොද වෙලාවට ඒ මිනිස්සු ඔයාව අදුර ගත්තේ නැහැ.."

"ඔව් නැත්තන් හෙට පත්තර වල ලොකු අකුරෙන් යයි 'BTS golden maknae jeonjungkook කෙල්ලේක් සමග BAR එකක' කියලා.. හා..හා..හා.."

"අහ් දැන්නම් අපි town එකට ලඟයි... අර පේන්නෙ main road එක"

"එත් මට මෙහෙම town එකට යන්න බැහැ නේ මගේ mask එක වැටිලා.. ඒ අස්සෙන් මේ phone එකත් off වෙලා.. shit!!"

"ඔයාට call එකක් ගන්න ඕනේ නම් මගේ phone එක use කරත හැකි"

"එත් මට numbers මතක නැනේ.. මට jimin ගේ number එක විතරයි මතක.. එත් මේ වෙලාවේ හැටියට එයාට වත් කතා කරලා බලන්න ඕනේ.. මට එහෙනම් පොඩ්ඩක් ඔයාගේ phone එක දෙන්නකෝ"

මොකක් ඒ කියන්නේ JK දැන් මගේ phone එකෙන් Jimin ගේ private number එකට call කරනවා කියන එකද.. omg!! අත්තටම මේක හීනයක් ද...

"අහ් phone එක පොඩ්ඩක් ඉන්න screen lock එක ඇරලා දෙන්නම..."

"oh!! ඔයාගේ screen lock wallpaper එක.. එකේ ඉන්නේ මමද?"

"ah.. ඇත්තටම කියනවනම්.... මගේ bias ඔයා.. හී....." මන් ඔහුට එය පැවසුවේ ඉතා ලජ්ජාවෙනි

"woah!! daebak!!"

"අහ්.. phone එක"

"ඔයා ඉපදුනේත් 1997මද?"

"නැහැ ඇයි එහෙම අහන්නේ?"

"නැ නැ මන් දැක්කේ ඔයා phone එකේ lock එකට 1997 දාල තියෙනවා වගේ ඒකයි ඇහුවේ.."

"ආ... ඒකද ඒකට 1997 දාල තියෙන්නනේ ඔයාගේ birth year ඒක නිසා.. හී..."

"oh!! seriously!!! chincha daebak..!!"

Jk මගේ phone එක ගෙන jimin ගේ number එක dial කරමින්...

Our Destiny Onde as histórias ganham vida. Descobre agora