Episode 39

527 95 0
                                    

Ep(39)
jinhyuk Mira දැක පිටිපස තිබු කඩයේ ඉදිරිපස එල්ලා තිබු කුඩයක් රැගෙන Mira ලගට යාමට හදන විට Mira ඉදිරි පස කබායක් ඇදගත් අයෙක් හිටගෙන සිටිනු දකී. (Mira තමා ඉදිරියේ සිටගෙන සිටින පුද්ගලයා ඇයව මේ තත්වයට පත් කල Jimin බව හදුනා ගනී) -"ඒපාර මෙතෙන්ටත් ආවද? අනේ මට පාඩුවේ ඉන්න දෙන්නකෝ plz!!!" mira හඩමින් කෑගසා ඔහුට එසේ පවසමින් දකුණු පස බලන විට hwani කබායක් රැගෙන Jimin ගේ car එකෙන් බැස තමා දෙසට දුවගෙන එනු දකී. -"Mira ඔයා ඉන්නේ වැරදි වැටහීමක එන්න අපි යමු ගෙදර මන් කියන්නම් කෝ වුනේ මොකද්ද කියලා" (hwani රැගෙන ආ කබායෙන් Mira ව ආවරණය කරමින් පවසයි) -"hwani ඔයා කොහොමද.." -"එන්න එන්න යමුකෝ අපි" (hwani Mira ව apartment එකට එක්කන් යයි. jimin ද ඔව්න් පසු පසින් පැමිණේ) hwani mira ව පුටුවකින් ඉන්දා Jimin ටද ඉදගැනීමට පවසා mira ට සිදුවූ දේ පැවසීමට පටන් ගනී. (3hrs ago) jimin Mira ට පොරවා තිබු රෙද්ද අයින් කර. ගනකම වැඩි blanket එකක් පොරවා අතට ගත් ඇදුම් ද තබාගෙන ඇද ලගට වී කලබල කාරීව එහාට මෙහාට ඇවිදිමින් සිටියි. (hwani KBS ආයතනයේ වැඩ කරමින් සිටියි) මාසෙකට විතර පස්සේ අර කෙල්ල වැඩට ගිහින් මොනවා කරගත්තද දන්නේ නැහැ.. මන් phone එක අතට ගෙන Mira ට call එකක් ගනී පුදුම හිතෙන අයුරින් පලවෙනි රින්ග් එකෙන්ම call එක answer කරයි. -"hello!!" මන් phone එකෙන් dial කරපු number එක හරිදැයි නැවත බැලුවේ ඒ කටහඩ පිරිමි අයෙකුගේ නිසාය. -"hello!! කවුද ඔයා? ඔයා මොකද්ද මගේ අක්කාගේ phone එක තියන් කරන්නේ? එයාට කරදරයක් වත් ද අනේ මට කියන්නකෝ" -"කලබල වෙන්න එපා මන් Mira ගේ බොස් එයාට පොඩි කරදරයක් වුණා දැන් ප්‍රශ්නයක් නැහැ.. ඔයාට පුලුවන්නම් ඉක්මනට මන් කියන තැනට එත හැකිද?" -"අනිවාරෙන් මන් කොහෙටද එන්න ඕනේ" (දුරකථන ඇමතුමෙන් කතාකළ පුද්ගලයා පැවසු apartment එකට ගොස් hwani එහි බෙල් එක එකදිගට ඔබාගෙන ඔබාගෙන යයි. Jimin පැමිණ දොර අරී) -"ohh!!!! Jimin!! ඔයා!! omg!!! අනෙහ් sorry!! මන් මේ මගේ අක්කා ගේ බොස්ගේ ගේ කියලා හිතුවේ.. මන් හිතන්නේ මට floor එක මාරූ වෙලා.." මට ඒ අවස්ථාවේ Jimin ව මුණගැහුනත් ඔහුත් සමග කතාකිරීමට මෙලෝ සිහියක් නැති නිසා මා එසේ පවසා නැවත හැරී යන්නට හදන විටම -"නැහැ නැහැ ඔයා ආවේ හරි තැනට මන් තමයි Mira ගේ බොස්" යැයි Jimin පැවසුවේය. -"මොකක්?" -"එන්නකෝ ඇතුලට මන් මුල ඉදන් ඔක්කොම කියන්නම්" (hwani ව ගේ ඇතුලට කතාකරගෙන ගොස් jimin වෙච්ච සිදුවීම් සියල්ල පවසයි) -"hwani අනේ අරයා තාම තෙත ඇදුම් වලින් ඉන්නේ පොඩ්ඩක් බලන්නකෝ මන් එයාලගින් ඇදුම් වගයක් තියලා ඇති පුලුවන්නම් ඒක අන්දන්න බලන්න" -"හරි oppa!! thanks මේ කරපු හැම දේකටම" (hwani එසේ පවසා Mira ලගට යයි) Mira ව තව උණුසුම් කර යුතු යැයි සිතු jimin කුස්සියට ගොස් හීටර් එක ගසා වතුර එකක් උණු කර බේසමකට දමා ගෙන ටවල් එකක් ද සමග රැගෙන විත් ඔහුගේ කාමරයේ දොර අසලින් තබයි. (hwani කාමරයෙන් එලියට පැමිණේ) -"oppa මොකෝ මේ?" -"Mira ට ආයේ සීතල වුනොත් එහෙම.. මේ උණු වතුර ටිකකින් නළල තැව්වොත් තව ටිකක් උණුසුම් වෙයි" -"අනේ.. jimin.. ඔයා හරිම හොදයි අනේ.. කෝ දෙන්න කෝ මන් තවන්නම් එහෙනම්" -"තවන එකනම් මට හරි කරත හැකි ඒක නෙවේ මේ.. මගේ ගෙදර මෙයාට ඇහැරුනොත් හදලා දෙන්න coffee ටිකක් වත් නැහැ ඔයාට පුලුවන්ද super market එකකට ගිහින් coffee packet එකක් අරන් එන්න.." -"අහ්.. ඔව් නේ oppa ට ඉතින් ඒ වගේ තැන් වලට යන්න අමාරුයි නේ.. කමක් නැහැ මන් මෙයාව තවල ඉවර වෙලා අරන් එන්නම් oppa මහන්සි වෙන්න ඕනේ නැහැ" මන් එසේ පවසා ඉවර වෙනවත් සමග කවුරුන් හො ගෙදර password එක ගසන හඩක් ඇසුන නිසා මන් සහ jimin දොර දෙස බලයි ඒ විටම දොර ඇරෙයි.-"hyung! මොකද්ද වුණා කියලා ආරන්චියක් ආවා" එසේ පවසමින් ඒ පැමිණි කෙනාව හදුනා ගැනීමට මට පොඩ්ඩක් වත් අපහසු නොවිණි. ඒ මන් මාසයකට අදික කාලයක් අමාරුවෙන් මගහැර සිටි JK ය.

Our Destiny Where stories live. Discover now