Episode 77

492 92 7
                                    

Ep(77)
(Mira ගෙදර පැමිණ දොරෙහි password එක ගසන සද්දය ඇසී hwani කදුළු පිහිදාගනී) -"අහ් mira ඔයා ආවද මොකද උනේ අද interview එකට?" මම ගෙට ගොඩවෙද්දීම mira ගෙන් එසේ ඇසුවේ මන් අඩපු බවක් නොදන්වාය.-"එහ් hwani ඔයා දන්නේ නැහැ නේ අද පට්ට වැඩක් උනේ.." -"ඒ මොකද්ද ඔක්කොටම කලින් කියන්න select උනාද නැද්ද කියලා?" -"තේරුණා hwani තේරුනා!!!!" -"මන් දැනන් හිටියා ඔයාව select වෙනවයි කියලා... congratulations!!!!! අම්මෝ අන්තිමේට ඔයාගේ හීනේ හැබෑ උනා එහෙනම්" -"ඔව් hwani ඔයා දන්නේ නැහැනේ කවුරු නිසාද මම අද මේකට select උනේ කියලා... අනේ හලෝ මට හිතාගන්න බැහැ Jimin කොහොම මනුස්සයෙක් ද කියලා එයා ඇයි අනේ එච්චර caring!!!" -"එන්න එන්න mira ඇවිත් ඉදගෙන මට සිද්දිය කියන්නකෝ ඉතින්" -"මෙහෙමයි hwani දැන් උනේ..." මගේ එහා පැත්තෙන් ඇවිත් ඉදගත් mira සිදුවූ සියල්ල මට පැවසුවේය. -" නැහැ සිරාවට! උබ අඩුම තරමේ වෙලාවට වැඩට වත් ගියේ නැනේ" -"ඔව් ඒක තමා.... අනේ මන්  දන්නේනැහැ hwani මට දැන් නම් එයා ගැන පුදුම feeling එකක් තියෙන්නේ... එයා ගැන තියෙන ආදරේ හොදටම වැඩිවෙලා පිරිලා ඉතිරිලා යනවා වගේ" -"එහෙනම් මොකක් හරි බේසමක් හරි තියලා ඒ ටික එකතු කරගන්න හා හා හා..." මම හිනාවෙමින් mira ට පැවසුවේය. -"අනේ මේ..." -"mira! මේ හලෝ මන් මේ සිරාවට මයි කියන්නේ මට හිතෙනවා jimin ඔයාට කැමතියි කියලා..." -"හා හා... අම්මෝ hwani... විහිළු කරන්න ඒත් ඔහොම එපා... ඇයි jimin ගේ ඇස් පෙනීමේ මොකක් හ‍රි දෝෂයක් තියෙනවා කියලා හිතුවද මට කැමති වෙන්න" -"නැහැ මට හිතෙන්නේ jimin ගේ ඇස් පෙනීම පට්ට තියුණුයි කියලා මොකද එයා දැකල තියෙන්නේ ඔයාගේ රූපේ ලස්සනට වඩා හදවතේ ලස්සන ඒකයි" -"අනේ hwani ඔය වගේ එව්වා කියන්න එපා... මන් දැන් ඔය එක එක ඒව ගැන බොරු බලාපොරොත්තු තියන් ජීවත් වෙන එක අත ඇරලා තියෙන්නේ... මේ ඒක නෙවේ ඔයාට හෙට මටත් එක්ක stream කරන්න වෙයි" -"ඇයි ඒ?" -"හෙට ඉදන්ම වැඩට එන්න කිව්වා උදේ වරුවේ university හවස 5ඉදන් bighit එකේ වැඩ... එතකොට හෙට මන් එද්දී රෑ 10 විතර වෙයි" -"හරි ඒකට කමක් නැහැ ඔයාගේ පලවෙනි දවස නිසා ඔයා ගිහින් සිහියෙන් ඔයාගේ වැඩ ටික කරන්න... මන් ෂෝර්ට්ලීව් එකක් දාල එහෙම ඇවිත් ඉන්නේ... 6ඉදන් ගේමේ ඉන්නේ" -"එල මන් මගේ lap එකයි සකලමනාවම තියලා යන්නම්කෝ" -"okay!!!" (next day evening) 'අම්මෝ අතියන්තාම් එහෙනම් ඒ වැඩේ ඉවර කලා.. දැන් වෙලාව 5.30යි නේ... හරි හ‍රි පැයබාගයක් තියෙනවා stream වැඩේට ලෑස්ති වෙන්න...' වැඩපලේ වැඩටික ඉවරකෙරු මා එසේ සිතමින් සාලෙට ගොස් BTS ලාගේ 6ට පැමිණෙන අලුත් සින්දුව මට වේගයෙන් stream කිරීමට පහසු වන ලෙස TV එක ඉදිරිපිට ඇති මේසය උඩින් laptop, tab සහ phone එක තැබුවේය. 'හරි දැන් නැකත එනකන් ඉදගෙන ඉන්න තියෙන්නේ' ලෙස සිතු මම sofa එකෙන් වාඩි වෙනවාත් සමග ගෙදර දොරේ සවිකර ඇති සීනුව නාද විය. 'කවුද අනේ මේ වෙලාවේ වද දෙන්න එන්නේ' යැයි සිතමින් මා ගොස් දොර ඇරියේය. මගේ නෙත් මවිත කරමින් දොර ඉදිරියේ සිටගෙන සිටියේ JK ය.

Our Destiny Where stories live. Discover now