Episode 97

491 70 5
                                    



එකපාරටම ඇයගේ කරට කවුරුන් හෝ අත තියෙනවා වගේ දැනී ඇය හිමින් හිමින් හැරී ඒ කවුදැයි බලයි mask එකක් දමා සිටියට ඒ වෙන කවුරුත් නොව jungkook කියා අදුරගත් hwani එකපාරටම "JungK-" කියා කෑ ගැසීමට යන විට "shhhh!!" ඔහු ඇයගේ කටට අත තබා එය නවත්තා ඇයව තදින් වැලදගනී. ඔහු ඇයව වැලදගෙන සිටිද්දී Hwani ට නොදැනිම ඇයගේ ඇස් වලින් කදුලු එන්නේ ඇත්තටම ඔහුට call වලින් නොපෙන්නුවට ඇයට පසුගිය මාස කීපයට ඔහු නැති පාලුව ගොඩක් දැනුන නිසයි. " ඔයා අඩනවද?" jungkook එසේ ඇසූ විට hwani ඉක්මනින් කදුලු පිදාගනී. "නෑ..."
"අපි යමු නේද?" mira එසේ ඇසූවිට jungkook සහ hwani දෙන්නම ඒ පැත්ත බලයි.

JK: ahh Hi Mira!! ගොඩ කාලෙකින්
Mira: ahh Hi Hi මම නම් suprise වෙන්නෙ නෑ jungkook ඔයා ආවයි කියලා... මොකද මට jimin කලින් කිව්වා ඔයත් එනවා කියලා...
Hwani: හරි දැන් මෙතන suprise උන එකම කෙනා මම විතරයි නේ... හා හා හා හරි හරි හරි...
Jimin: ඔයාවනෙ ඉතින් එයාට suprise කරන්න ඕන උනේ...
Mira: හරි හරි දැන් යමු... ගොඩක් දුර යන්න තියේ ඔයාලට...
JK: ශා ශෝක්නේ...

Mira hwani jimin සහ JK, Jimin ලගෙ අම්ම සහ තාත්තා නවතා ඇති වෙද මැදුරට යාමට පිටත් වෙයි. Flight එකේ ඇවිත් මහන්සි නිසා එතනට යනකන්ම jimin ට සහ jungkook ට යන වාහනයේ නින්ද යයි.

Mira: හරි අපි ආවා...
Jimin සහ jungkook නින්දෙන් ඇහැරී හිමින් හිමින් ඇස් ඇර බලයි. "woahh" ඒ දෙන්නටම එහෙම කියවුනේ වටපිට බලද්දි දැක්ක ලස්සන පරිසරය නිසයි. jimin සහ jungkook car එකෙන් බැස ඇතුලට ගොස් jimin ගෙ අම්මවයි තාත්තාවයි හමුවී කතා බහකරයි. මේ වන විට jimin ගේ අම්මා බොහෝ සුව අතට හැරී ඇත.
වෙදගෙදර අය mira ගෙන් සහ hwani ගෙන් අසා මොවුන් දෙදෙනාට සංග්‍රහ කරයි.
"Miss මේ sir ලට බොන්න cool බීම මොනාහරි හදලා දෙන්න ද?"
"cool බීම ඕනෙ නෑ අනේ එයාලට... මහන්සි වෙන්න එපා uncle..." hwani පිලිතුරු දෙයි.
"එහෙනම් බෙලිමල් වීදුරුවක් වගේ දෙයක් දෙන්නද?"
"ohh ඒවගේ දෙයක් තියේ නම් හොදයි එයාලා බීලම නැතුව ඇති නෙ... Uncle ට කරදරයක් නැත්තන් හදන්න" mira පවසයි.
"ayyo මොන කරදරයක්ද"

Jimin සහ jungkook jimin ගෙ අම්මලා එක්ක කතා කර කර ඉන්නකන් mira සහ hwani එහෙ ඇති කුස්සියට වී අර uncle බෙලිමල් එක හදන දෙස බලා සිටියි. එය සාදා අවසන් වී පිලිගැන්වීමට වීදුරුවලට දැමීමට යන විට mira එය නවත්වයි. "පොඩ්ඩක් ඉන්න uncle... සුද්දකරපු පොල්කට්ට නෑ නේ හොයාගන්න?" Mira කින්ඩි හිනාවක් දමමින් අසයි. "ඒවා නම් තියෙනවා ඒත් එහෙම හරි නෑනෙ නේද මිස්?" "පිස්සුද ඒක තමයි හොදම පොල්කට්ටකට දාලා ගන්න..." mira එසේ පැවසූ නිසා uncle ද බෙලිමල් ටික පොල්කටු දෙකකට දමයි. Hwani සහ mira ඒ දෙක අරන් ගිහින් jungkookට සහ jimin ට දෙන්නේ හිනාව තදකරගෙනය.

Our Destiny Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα