Episode 25

582 102 0
                                    


"JK! ඔයා!! කොහොමද දැන් ඔයාට ඔයා හොදින්ද"

මා ඉතා කලබලෙන් යුතුව ඔහුගේ පාද දෙස බලමින් එසේ ඇසුවේය.

"ඔව් hwani මට දැන් හොදයි..අනේ so sorry ඔයා මන් එනකම් ඊයේ ගොඩක් වෙලා බලන් ඉන්න ඇති"

-" අය්යෝ sorry කියන්න එපා JK.. මන් මහලොකු වෙලාවක් බලන් හිටියේ නැහැ අනික ඔයාට එහෙම හදිස්සියේ අසනීපයක් උනාම ඔයා කොහොම එන්නද"

-"මන් හිතුවා ඔයා මාත් එක්ක තරහ වෙලා ඇති කියලා"

-"මන් ඔයත් එක්ක තරහ වෙන්න ඒක ඉතින් මේ සංසාරේදිනම් සිද්ද වෙනඑකක් නැහැ"

මා එය ඔහුට පැවසුවේ සිනා සෙමින්ය.

-" hwani අද වැඩ ඉවර වෙන්නේ කීයටද?"

-"අද පලවෙනි දවස නිසා 12 ට විතර ඉවරයි"

-"හරි එහෙනම් මන් එන්නම් ඔයාව ගන්න"

-"අහ්??" මා එය පුදුමයෙන් යුතුව ඇසුවේය

"ඊයේ dinner එක දෙන්නත් බැරි උනානේ ඒක නිසා මගේ ගානේ අද ඔයාට lunch එක"

-"එත්.."

-"ඒත් මෙත් නෙවේ ඔයා ඉන්නකෝ මන් එනකන්... අහ්.. ඔයාගේ අර cousin ටත් එන්න කියන්න"

එසේ පැවසු ඔහු මා පිලිතුරක් දීමට පෙර mask එක දාගෙන එතනින් පිටත් විය. මා වැඩ අවසන් වී ආයතනය ඉදිරිපිට සිටගෙන සිටියේ Mira ට call කරමින්ය. සුපුරුදු සේ Mira phone එක answer කරන්නේ නැත. shit! මන් මේ ගන්න කීවෙනි call එකද මෙයා නැතුව මන් JK එක්ක lunch එකක් අරන් මොකටද... ආය්යෝ answer කරන්න Mira!!! මන් එසේ සිතමින් නැවත නැවත call ගත්තේය.මාගේ ඉදිරියෙන් වාහනයක් නතර කළේය.එහි shutter එක පහත් කරන විට මා නැවී එහි ඇතුලට එබුනේ ඒ JK යැයි සිතාය නමුත් එම වාහනය ඇතුලේ සිටියේ ලාංකික පෙනුමක් සහ 35ක පමණ පෙනුමක් ඇති අයෙකි. ඔහු දැක බයවූ මා එක පාරට කෙලින් වෙමින්

-"අහ්! sorry වැරදීමක් මන් වෙනකෙනෙක් කියලා හිතුවේ" යැයි පැවසුවේය.

-"අනේ ඒකට මොකෝ සුදු! මාත් මේ වෙන කෙනෙක් කියලා හිතල තමා නැවැත්තුවේ... නගින්න මන් ඔයාව ගිහින්දාන්නම්" ඔහු එය පැවසුවේ මාගේ උඩ සිට පහලට වෙන තෙක් රාගයෙන් යුතු බැල්මක් දමාය

.-"නැහැ ඕනේ නැහැ ඔයා යන්න.. මන් කොහොමත් මේ කෙනෙක් එනකන් ඉන්නේ"

-"ඉතින් එයා මොකෝ මන් මොකෝ එන්න මාත් එක්ක යන්න"

-"මන් මොකටද ඔයත් එක්ක යන්න එන්නේ?"

කෝපයෙන් යුතුව මා ඇසුවේය

-"අහ්! ඕකනේ ඉතින් අපිට කොලේ වහන්න එපා.. මන් ඔයාව මුලින්ම follow කරේ එදා රෑ ඔයා අර town එකට යද්දී... ඒකට ගිහින් ඔයා එදා බාවනා කලාද අහ් සුදු? හා..හා.. මෙන්න මෙහෙ එන්න අද මාත් එක්ක යන්න"

ලෙස ඔහු පවසමින් වාහනෙන් බැස ඇවිත් මාගේ අතින් ඇඳ මාව බලෙන් වාහනයට දමා ගැනීමට උත්සහ කළේය.

-"ඒයි! අත අරිනව මාව! මන් ඔහේ හිතන ජාතියේ කෙනෙක් නෙවේ.. අතරිනව!!!"

මා අත එහාට මෙහාට ගසමින් ඔහුගෙන් බේරීමට උත්සහ කරයි #දඩස් එතනට පැමිණි අයෙක්

-"ඒයි අත ඇරපන් ඔය මගේ girlfriend!!!"

යැයි පවසමින් ඔහුට කමුල් පහරක් එල්ල කිරීම නිසා ඔහු බිම ඇදවැටෙයි.

Our Destiny Where stories live. Discover now