episode 16

647 113 0
                                    


Hwani's pov

stage එක උඩට වී මා හඩමින් සිටි.

"එන්න hwani අපි එලියට ගිහින් පොඩ්ඩක් relax වෙලා එමු"

යුන්මි මාව කතා කරගෙන hall එකෙන් පිටතට රැගෙන ගොස් එලියේ ඇති බංකුවකින් වාඩි කෙරෙව්වේය..

"hwani ඇත්තටම මටවත් තාම හිතාගන්න බෑ ඒ උනේ මොකද කියලා.. කෝ කෝ දැන් ඔයා ඔය අඩන එක නවත්ත ගන්න. . මට හිතාගන්න බැහැ ඔයා මේ අඩන්නේ සතුටට ද දුකටද කියලා"

-"මට stage එකට නැග්ගම තේරුම් ගන්න බැරුව ගියා යුනිමි මන් කොතනින්ද ස්තුති කරන්න පටන්ගන්න ඕනේ කියලා... මගේ ඇස් වල කදුළු ඇයිද කියලා මට හිතාගන්නත් බැහැ"

-"ඔයාට මේ වෙලාවේ ඇතිවුණ feeling එක මෙහෙම කදුළු වලින් පිටවුනු එක හොදයි මන් ඇත්තටම බයවුණා ඔයාට heart attack එකක් හදෙයිද කියලා.."

යුන්මි එහෙම හිතන්න ඇත්තේ සමහර විට මේ මෙච්චර ලගට මන් මීට කලින් JK ව දැකල නැහැ කියලා හිතලා වෙන්න ඇති..

-"ඔයාට දන්නවද යුන්මි.. මට o/l කාලේ ඉදන් තිබ්බ හැම exam එකක්ම,project එකක්ම success ව කරගන්න BTS කියන කොල්ලෝ 7 දෙනා කොච්චර උදවු වුනාද කියලා... මන් කවදාවත් ඇත්තට නොදැකපු එයාල මට ආදරේ කරන්න,මන් තුල මම නොදැකපු මාව හොයාගන්න, හැම බාදාවක් තුලින්ම ඉදිරියට යන්න, අද කරපු වැරැද්ද හෙට නොකර ඉන්න කියලා දුන්නා එයාලව දැනගත්ත දවසේ ඉදන් අද වෙනතුරු එයාලගේ සින්දුවලට පින්සිද්ද වෙන්න මට කවදාවත් stress එකකින් දුක් විදින්න අවස්ථාවක් උදාකළේ නැහැ.. අද වෙනතුරු මගේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම BTS කියන කොල්ලෝ 7දෙනා හිටියා.. අද මන් පරාජයට හිත හදාගෙන අඩියක් පිටිපස්සට තියන්න හදද්දී BTS ලට කැමති වුණ දවසේ ඉදන් මන් ආදරේ කරපු කෙනා ඇත්තටම මගේ පිටිපස්සෙන් හිටගෙන මාව ජයග්‍රහණය කෙරෙව්වා"

මා නැවත ඉකිගසමින් හඬන්නට පටන් ගත්තේය

-"කෝ දැන් ඔය කදුළු පිහිදාගන්න.. කෝ ලේන්සුවක් නැද්ද"

-"නැහැ ඒක bag එකේ "

-"මගේ එකත් bag එකේ ඉන්න මන් ලේන්සුව අරන් එන්නම්"

-"නැහැ ඕනේ නැහැ අහ්! මේකෙන් පිහිදාගන්න"

එතනට පැමිණි JK හඩමින් සිටි මා දෙසට ලේන්සුවක් දිගුකළේය.

Our Destiny Where stories live. Discover now