Episode 44

539 102 0
                                    

Ep(44)
-"අහ්??" මා ගල්ගැසී ඇස් ලොකු කරගෙන ඔහුදෙස බලා සිටියේ කුමක් පැවසීමට දැයි සිතාගත නොහැකිවයි. ඒ කියන්නේ මෙයා මාව ඉස්සෙල්ල ඉදලම අදුරගෙනද ඉදල තියෙන්නේ.. එයාට මාව අමතක නැද්ද?? අනේ මන් දැන් මෙයාට මොනාද කියන්න ඕනේ මට තේරෙන්නේ නැහැ... (hwani ගේ ඇස් වල කදුළු පිරුණි) -"ඇයි මට උත්තරයක් දෙන්නේ නැත්තේ... එහෙනම් මට මේක කියන්න කියන්න ඒකට හේතුව එදා ඔයයි මායි ගැන හැදුනු gossip ද? අහ්?? මට ඔව් ද නැද්ද කියන්න?" -"ඔව් ඒක තමා හේතුව" ඔහු ගේ ප්‍රශ්නයට මා පිළිතුරු දුන්නේය. "Jk ඔයාට එහෙම gossip හැදෙනවා දකින්න මන් කැමති නැහැ.. ඒක ඔයාගේ නමටයි හොද නැත්තේ.. එතකොට වෙන්නේ media කාරයෝ තව තව ඔයාට වද දී දී ඔයාගේ පස්සේන් එන එක... අනික එදායින් පස්සේ මන් ඔයාව මග ඇරිය නිසා ඒ කට කතාව එහෙම්මම යට පත් වෙලා ගියා.. මන් දන්නේ නැහැ JK.. මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හොදම දේ කියලා හිතිච්ච දේ තමා මන් ඒ කලේ.. ඔයා මට කොච්චර උදවු කලාද ඔයා මගෙන් ඒ වෙනුවෙට ඉල්ලුවේ ඔයාගේ යාලුවෙක් වෙන්නයි කියලා විතරයි... මන් අවුරුදු 15වේ ඉදන් කැමතිම idol මගෙන් එහෙම අහපුවම මන් හිතාගත්ත එයාට හොද යාලුවෙක් වෙලා පුළුවන් උපරිම විදිහට එයාට උදවු කරන්න.. ඒත් මට එදා වෙච්ච දෙයින් තේරුම් ගියා මන් එහෙම දිගටම හිටියොත් අන්තිමට වෙන්නේ ඔයා අමාරුවෙන් හදාගත්ත ඔයාගේ නම ට gossip හැදිලා මාව ඔයාටත් කරදරයක් වෙන එක විතරයි කියලා.. ඉතින් මන්..." -"ශුශ්!!!!!!!!" (එක පාරටම JK hwani ව වැලදගනී) "ආයේ ඒ වගේ මාව මග අරින්න එපා.. plz!!! මගේ ප්‍රසිද්දිය නිසා මට තවත් මගේ යාලුවෝ නැති කරගන්න ඕනේ නැහැ... විශේෂයෙන් ඔයා වගේ මන් ගැන හිතන කෙනෙක්.." JK මාව වැළදගෙන සිටම එසේ පැවසුවද මා හිටගෙන සිටි ආකාරයටම නොසෙල්වී සිටියි. අනේ ඇයි JK ඔයා මෙහෙම කරන්නේ මට... මන් දන්නේ නැහැ ඔයාට මොනාද තව කියන්න ඕනේ කියලා... මම ඔහුට කිසිවක් නොපවසමින් එසේ සිතමින් සිටියි. ( hwani ව වැළදගෙන සිටි JK ඔහුගේ අත් ඇගේ උරහිසට තබා මදක් පස්සට කර hwani ගේ මුණ දෙස බලයි) "හරි අපි යාළුවො වගේ ඉද්දි gossip හැදෙන්නේ ප්‍රශ්න එන්නේ නිතරම එහෙ මෙහෙ ගියොත් හම්බඋනොත් නේ.. අපි දෙන්න අපි දෙන්නගේ යාලු කම Private msg/ call වලින් විතරක් තියාගමු එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැනේ.. hwani අපි ප්‍රශ්න වලට මුහුණ දෙන එක මිසක් ඒවායින් පැනලා යන එක නෙවේ කරන්න ඕනේ... ඔයා කැමති නේ මාත් එක්ක එහෙම යාලුවෙක් විදිහට ඉන්න අහ්.." -"මොකද නැත්තේ... අනිවාරෙන්ම.. අනිවාරෙන්ම.. ආයේ මම මැරෙනකන් ඔයාව හම්බවෙන්න ලැබුනේ නැතත් මන් මැරෙනකන් ඔයාගේ යාලුවෙක් වගේ ඉන්නම්... sorry JK!! මන් ආයේ නම් කවදාවත් ඔයාව මග අරින්නේ නැහැ මන් ඔයාට පොරොන්දු වෙනවා" මගේ අත් දෙක JK මගේ උරහිසට තබා තිබු අත් දෙක උඩින් තබමින් මන් ඔහුට එසේ පොරොන්දු විය. -"අන්න එහෙම එන්න" ලස්සන හිනාවක් දමමින් එසේ පැවසු JK එකපාරටම මම උඩ සාක්කුවේ දමාගෙන සිටි මගේ phone එක අරගෙන පුරුදු අයෙකු මෙන් screen lock එක ඇර ඔහුගේ phone එකට call එකක් අරගෙන එය cut කර මගේ අත උඩින් phone එක තැබුවේය. -"ඔන්න දැන් හරි අපි දෙන්න ලගම අපි දෙන්නගේ numbers තියෙනවනේ..." -"JK ඔයාට මගේ phone එකේ screen lock එක මතක තිබ්බද?" -"හා.. හා.. විහිළු කරන්න එපා හලෝ.. මට මගේ birth year එක අමතක වෙනවද?" -"අහ්.. ඒකත් එහෙමයි නේ.." -"hwani එහෙනම් මන් යන්නම් මට වැඩ වගයක් තියෙනවා" -"හ‍රි bye.. පරිස්සමෙන් යන්න..." -"හරි.. bye.. මන් ගෙදර ගිහින් msg එකක් දාන්නම් කෝ" -"okay" JK දොර අසලට වී ඔහුයන දෙස බලමින් සිටින මට නොපෙනෙන මානයකට යනතුරුම මා දෙස බලමින් අත්වනමින් ගියේය.

Our Destiny Where stories live. Discover now