Episode 55

502 91 0
                                    

Ep(55)
Mira phone එක අතට ගෙන බලයි -"අපොයි දෙවියනේ... jimin ගෙන් miss calls 15ක්!!! මන් අද වසල හමාරයි." (Mira ක්ෂණිකයෙන් jimin ට නැවත ඇමතුමක් ගනී) -"hello sir!! පොඩ්ඩක් වැඩියෙන් නින්ද ගියා අනේ... මන් දැන්මම ලෑස්ති වෙලා ඇවිල්ල ඔයාට ගේ අස්පස් කරලා දෙන්නම්..." -"අහ්.. නිදාගෙනද හිටියේ මෙච්චර වෙලා... හරි ශෝක්... අහ් එන්න එන්න ඉක්මනට" -"හරි sir මන් එන්නම්" දුරකථන ඇමතුම අවසන් කර mira ඉක්මනින් ලෑස්ති වී Jimin ගේ ගෙදරට ගොස් bell එක ගසයි. jimin ඇවිත් දොර අරී -"අහ්.. ආවද? එන්න එන්න මන් මේ ඔයාව පිළිගන්න බලන් හිටියේ" jimin එසේ පවසමින් miraට ගේ ඇතුලට කතා කරයි. ගේ ඇතුලට අඩිය තැබූ mira දකින්නේ කුණු කූඩයක් හලා ඇති ආකාරයෙන් ගේ හැම තැනම කුණු රොඩු පිරී තිබෙන ආකාරයි.-"අපොයි දෙවියනේ ඔයා කුණු ගොඩකද ජීවත් වෙන්නේ...? මන් කොහොමද මේ සේරම අස් කරන්නේ?" -"ආහා.. මට එකෙන් වැඩක් නැහැ ඔය සේරම සුද්ද වෙන්න ඕනේ ඔයා යන්න කලින්... දැන් ඔය bag මලු පැත්තකින් තියෙල වැඩේ පටන් ගන්න" එසේ කියමින් Jimin sofa එකේ සැප පහසු ලෙස වාඩිවිය. කොස්ස අතට ගත් mira කොනක සිට හිමින් හිමින් අතු ගාමින් එයි. -"අහ්.. ඔහොම බැහැ ඔය හොදට නැවිල පුටු මේස යට තියෙන එව්වත් ගන්න" කකුලක් පිට කකුලක් දමමින් magazine එකක් බලමින් සිටින Jimin ආයතනයක ලොක්කෙක් මෙන් ඇයට අන දෙයි. -"ඔයා ඉන්නකෝ sir මම නේ වැඩේ කරන්නේ" යැයි රවමින් mira jimin ට පවසයි.අතුගාගා ඉදිරියට පැමිණි mira jimin ඉදගෙන සිටින sofa එක ලග අතු ගාන විට එක පාරටම sofa එක යට සිට අළු පාට පුස් පැටියෙක්  එලියට පැමිණෙයි. -"ඈ!!!!!!!!!! මීයෙක් මීයෙක් " බය වූ mira කෑගසමින් jimin ඉදගෙන සිටි sofa එක උඩට නගී. magazine එක කියවමින් සිටි jiminද එක පාරට ගැස්සිගොස් magazine එක විසික් කර දමා sofa එක උඩ හිට ගන්නේ mira මීයෙක් සිටියි යැයි කියමින් කෑගැසූ නිසාය. -"ඊ!!! කෝ කෝ කොහෙද මීයෙක්????" බය වී sofa එක උඩට නැග්ග jimin වට පිට බලමින් අසන විට බයවී ඈතට දුව ගිය පුස් පැටියා ව දැක jimin ට ඇය පුසාට රැවටුන බව වැටහී යයි. -"අය්යෝ.. ඔයා මීයෙක් කියලා කෑගැහුවේ අර පුසව දැකලද?? අහ්??" -"අහ්හ් ඌ පුසෙක් ද ඊයා හැටි බලන්නකෝ මී තඩියෙක් වගේනේ" mira නෝන්ඩි නැතුව එසේ පවසමින් sofa එකෙන් බහින්න යන විට ලිස්සා වැටෙන්නට ගිය mira jimin ගේ අතේ එල්ලුන නිසා jimin ටද බැලන්ස් නැතුව ගොස් එකපාරටම mira වත් jimin වත් sofa එක උඩට ඇදගෙන වැටෙයි. sofa එක උඩ mira ගේ ඇග උඩට ඇදගෙන වැටුණු jimin ගේ නළල සහ mira ගේ එකිනෙකට හැප්පෙයි. -"aish!!" හිමින් හිමින් තම නළල පිරිමදිමින් ඔලුව ඉස්සු Jimin තමාගේ මුවට එතරම් සමීප වූ Mira ඇස් දෙස හැගීම්බර නෙත් වලින් බලාසිටියි. Mira ද කිසවක් නොපවසමින් jimin ගේ ඇස් දෙස බලා සිටියි.

Our Destiny Where stories live. Discover now