Episode 70

464 93 2
                                    

Ep(70)
කැරකෙන පුටුවක ඉදගෙන සිටි jimin ඊලගට පැමිණෙන්නේ mira බව දැනගෙන  ඔහුගේ මුණ ඇයට නොපෙනෙන සේ පිටුපසට හැරී සිටියි. -"Good morning" mira ප්‍රබෝදමත් ව පවසමින් ඇතුලට පැමිණෙයි. -"good morning! good morning එන්න ඇවිත් ඉදගන්න" judge board එකේ සිටි miss කෙනෙකු mira ට එසේ ඇතුලට කතාකර පිටුපස හැරී සිටින jimin දෙස බලා -"sir... ඊලග එක්කෙනා ආවා" ලෙස ඔහුට පවසයි. -"දැන් එයා ආවයි කියලා මන් මෙතන නටන්න ඕනෙද.. කෝ එයාගේ file එක ඉල්ලලා දෙන්න බලන්න මෙහාට" පිටුපස හැරී සිටි jimin කටහඩ ද වෙනස් කර පවසයි. 'අපෝ මොන පණ්ඩිතයෙක්ද මේ..' mira සිතයි. -"mira අපිට ඔයාගේ file එක දෙන්න" අනෙක් judges ලගෙන් එක් අයෙක් mira ගෙන් ඇය ගේ file එක ඉල්ලා පිටුපස හැරී සිටින jimin ට දී -"ඉතින් mira මීට කලින් කොහෙද වැඩ කරලා එහෙම තියෙන්නේ?" කියා mira ගෙන් අසයි. (jimin ඒ කතාවටත් ඇහුම් කන් දෙමින් mira ගේ file එක බලමින් සිටියි) -"මමද මම miss මීට කලින් private driver කෙනෙක් විදහට වැඩ කළා" -"අහ්.. කවුද ප්‍රසිද්ද businessman කෙනෙක් ලග වගේද?" ඇය mira නැවත ගෙන් ප්‍රශ්නයක් අසයි. -"නැහැ miss ඇත්තම කියනවා නම් මේ... BTS member Jimin sir ලග තමා මන් private driver විදිහට වැඩ කලේ" mira එසේ පැවසු විට අනෙක් judges ලා දෙදෙනා එක පාරටම පිටුපස හැරී සිටින jimin දෙස බලයි. එවිට jimin කටට ඇගිල්ල තබා ඔවුන්ට මුකුත් නොකියන ලෙසට ඉගි කරයි. -"අහ්... එහෙමද ඇයි එහෙනම් මේ job එක මාරු කරන්න හිතුනේ jimin sir දෙන පඩි මදිද?" judge board එකේ කෙනෙකු හිනාවෙමින් mira ගෙන් අසයි. -"නැහැ එහෙම දෙයක් නිසා නෙවේ miss.. මගේ university එකෙන් පොඩි ප්‍රශ්නයක් දැම්ම ඉස්තීර ආයතනෙක part time එක කරන්නයි කියලා එකයි" -"mmm... මෙයාගේ සුදුසුකම් නම් හොදයි" පිටුපස හැරී mira ගේ file එක බලමින් සිටින jimin නැවත කටහඩ මදක් වෙනස් කරමින් පවසයි. -"අනික මෙයා jimin ලග වැඩකරලා තියේ නම්... අපිට jimin ගෙන් නුත් අහල දැනගන්න පුළුවන්නේ මෙයා සාමාන්යෙන් හොදට වගකීමක් එහෙම දරන්න පුළුවන් කෙනෙක් එහෙමද කියලා.. නේද sir? " judge board එකේ සිටින අයෙකු jimin දෙස බලමින් අසයි.-"අපෝ එපා!!" mira එක පාරටම පැනපු ගමන් එසේ  කෑගසන්නේ 'මන් driver job එකෙන් අයින් වෙනවා කියලවත් එයාට කිව්වේ නැහැ ඉන්නකම්ම කලේ එයාට වදයක් වෙන වැඩමයි... අඩුමතරමේ වෙලාවට වැඩටවත් ගියේ නැහැ... එයාගෙන් මන් ගැන ඇහුවොත් එහෙම හොදට තියෙයි' යැයි සිතමිනි.(පිටුපස හැරී සිටින jimin තනිවම සිනාවෙයි) judges ලා දෙදෙනා ම ප්‍රශ්නාර්තයෙන් යුතුව mira දෙස බලාසිටින නිසා mira ඔවුන්ට එසේ ඔහුගෙන් ඇසීමට එපා යැයි පැවසීමට හේතු පහදයි -"නැහැ miss ඉතින් මන් මේ... එහෙම කිව්වේ ඉතින්.. එයාට කරදර කරන්නේ මොකටද ඕක අහන්න නේ... එයාල කොච්චර busy ද නේ... මන් වගේ පොඩි employee කෙනෙක් ගන්න එයාට කරදර කරන්න ඕනේ නැනේ එකයි... අනික දැන් එයාට මන් කියලා driver කෙනෙක් හිටියද කියලත් මතක නැතුව ඇති" -"ඇයි mira මැඩම් ඔයා හිතන් ඉන්නේ මට මොකක් හරි මතකය අමතක වීමේ ලෙඩක් තියෙනවයි කියලද අහ්..??" එසේ අසමින් පිටුපස හැරී සිටි jimin ඉදිරියට හැරෙයි.

Our Destiny Where stories live. Discover now